Colombo Today Local News

ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ ජනතාව දස දහස්‌ සංඛ්‍යාවක්‌ ඝාතනය කළා – විග්නේශ්වරන්ගෙන් ජිනීවා වෙත පැමිණිල්ලක්‌

ද්‍රවිඩ ජනතාව දස දහස්‌ සංඛ්‍යාවක්‌ ඝාතනය කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකළ බවට හිටපු උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බාචලට්‌ වෙත නිල පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇත.

ජනාධිපති සහ අගමැතිට එරෙහිවද කරුණු ඉදිරිපත් කරන විග්නේශ්වරන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් තවදුරටත් සිදුවන බවද, ඒ නිසා එම ප්‍රදේශවල මානව හිමිකම් නිරීක්‍ෂණ මධ්‍යස්‌ථාන වහාම පිහිටුවන ලෙසද කියා සිටියි.

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනාවලට සාක්‍ෂි මතුවන අවස්‌ථාවේ ඊට එරෙහි පාර්ශ්වයන් යටපත් කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කරන බවද විග්නේශ්වරන් සිය පැමිණිල්ලේ දක්‌වා ඇත.

එසේම රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් නිදහස්‌ කිරීමට රජය කටයුතු කර නැති බවද ඔහු මානව හිමිකම් කොමසාරිස්‌වරයාට දැනුම්දී ඇත.

Related posts

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

අයි.ඕ.සී. පෙට්‍රල් කෑන්වලට සැපයීම වහාම අත්හිටුවයි

colombotoday

චීනයෙන් පොලිසියට නිල ඇඳුම්

Admin

පෞද්ගලික බස් රථ වැඩවර්ජනය අවලංගු කෙරේ

colombotoday

රෝසි සහ ඉමිටියාසුත් එජාප කෘත්‍යාධිකාරියෙන් දොට්ට !

colombotoday

පොදු අපෙක්ෂකයා මෛත්‍රීමයි.. 2025 දක්වාම මේ ආණ්ඩුව කරනවා – රාජිත කියයි

colombotoday