Colombo Today Local News

මැතිවරණයන්ට ඉදිරිපත් වෙන්න භාරතීය ජනතා පක්ෂය ලංකාවෙත් ස්ථාපනය කරන්න යයි..

ශ්‍රී ලංකාව තුළ ද භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට සැලසුම් කරඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා ප්‍රකාශකර තිබේ.

ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදී ඔහු ප්‍රකාශකර ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවය.

ඉදිරි කාලය තුළ නේපාලයේ ද සිය පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කරන බව ප්‍රකාශකර ඇති ඉන්දීය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බව ද සඳහන්කර ඇති බව වාර්තා වේ.

භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණින් අදාළ කටයුතු සිදුකරන බව ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා වැඩිදුරටත් සදහන්කර ඇත.

Related posts

ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත්කළ හැකිද? – නීතිවේදීන්ගේ මතය මෙන්න

colombotoday

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

colombotoday

ඥාණසාර හිමිගේ චීවරය ගලවා සසුනට නිගා කරාට එරෙහිව රට පුරා විරෝධතා…

colombotoday

රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරනවා – හිටපු කථානායක කියයි

colombotoday

UNP ය රෙදි ගලවගෙන.. දේශීය ව්‍යාපාරිකයන් නැති භංගස්ථාන කරනවා – දයාසිරිගෙන් එජාපයට චෝදනා

colombotoday