Colombo Today Local News

වටරැක බන්ධනාගාරයේ පලා ගිය සිරකරුවන්ට නිවේදනයක්

පසුගිය 09 වන දින රට තුල පැවති කලහාකාරී තත්වය මත ඇති වු සිද්ධියෙදී නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගිය සිරකරුවන් වෙත බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එසේ නිත්‍යානුකුල අත්අඩංගුවෙන් මිදී පලා ගොස් මේ වන තෙක් භාර වී නොමැති සිරකරුවන් හැකි ඉක්මනින් වටරැක බන්ධනාගාරයට පැමිණ හෝ ලඟම ඇති බන්ධනාගාර වෙත, ලඟම ඇති පොලිස්ථානය වෙත හෝ මෙහි සදහන් කර ඇති දුරකථන අංක වලට 0114677177 / 0114677517 දුරකථන ඇමතුමක් ලබා දීමෙන් භාර විය හැකි බවත්, පැමිණීමට අපහසුතාවයක් ඇත්නම් මෙම දුරකථන අංක වලට කතා කිරීමෙන් ඔබ සිටින ස්ථානයට පැමිණ භාර ගැනීමට හැකි බවද බන්ධනාගාර කොමසාරිස් (පාලන/පුනරුත්ථාපන/මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක සදහන් කර සිටියි.

පසුගිය 09 වන දින සිරකරුවන් 181 දෙනෙකු වටරැක බන්ධනාගාරය වෙත රැගෙන යන විට තලංගම ප්‍රදේශයේදී කලහාකාරී පිරිසක් විසින් රැදවියන් රැගෙන යන ලද බස් රථ නවත්වා සිරකරුවන්ට හා ඔවුන් භාරව ගිය නිලධාරින්ටත් බස් රථවලටත් පහරදුන් අවස්ථාවේදී තම ජිවිත ආරක්ෂාව උදෙසා සිරකරුවන් 58 දෙනෙකු පලා ගියේය.

එම සිරකරුවන් අතරින් 32ක් වටරැක බන්ධනාගාරය වෙත නැවත පැමිණ භාර වී ඇති අතර, තවත් සිරකරුවන් 26 දෙනෙකු භාර වී නොමැත.

Related posts

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday

16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් ලබාදීමට අනුමතකරයි

colombotoday

මෙහෙම විකාර වැඩ කරන ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ

Admin

ගම්පහ වැලි, පස් ජාවාරම අස්සේ මිනිස් ජීවිත 40ක් බිලි අරන් !

colombotoday

කුරුණෑගල නගරාධිපති තනතුරේ වැඩ බලන නගරාධිපති වැඩබාරගනී

Admin

විහාර දේවාලගම් පනතින් මහා නාහිමිවරුන්ටත් ඉහළින් ගිහි තනතුරක්!

colombotoday