World

උමගක් කඩා වැටී සේවකයින් 40ක් පොළොව යට හිරවෙයි

උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ උමගක් කඩා වැටීමෙන් සේවකයින් පිරිසක් ඒ තුළ සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නාය යාමක් හේතුවෙන් එම උමගේ කොටසක් ඊයේ කඩා වැටී ඇති අතර බලධාරීන් පවසන්නේ ඒ තුළ සේවකයින් 40 දෙනෙක් පමණ සිරවී සිටින බවයි.

සහන සේවකයින් මේ වනවිට ඔවුන්ව බේරාගැනීමේ කටයුතු ආරම්භකර ඇත.

සිල්ක්යාරා උමඟ ලෙස නම්කර ඇති උමගේ ආරම්භක ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් එම පස් කඩා වැටීම සිදුවී ඇති අතර සේවකයින් සමග සම්බන්ධතාව ගොඩනගා ගැනීමට සහන සේවකයින් සමත්ව ඇති බව සඳහන් ය.

Related posts

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

පෙම්වතිය මරා කොටස් 35කට කපා ශීතකරණයක දමලා – මාස 6කට පසු සුලමුල හෙළිවෙයි

Admin

යුක්‍රේනයේ රාජ්‍ය ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් – “පුටින්ට යුක්‍රේනය බිඳ දැමිය නොහැකි යි”

colombotoday

කොවිඩ් පතුරනවයි කියමින් බල්ලෝ මරලා

colombotoday

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටෙයි

Admin

මැරුණා යැයි කී කිම් ජෝන් උන් කර්මාන්ත ශාලාවක් විවෘත කරයි

colombotoday