World

කුණු මල්ලක දමා තිබූ බිළිඳියක් රැකගත් සුනඛයා

ලෙබනනයේ ට්‍රිපොලිහි වීදි හරහා කුණු මල්ලක දමා තිබූ අලුත උපන් ගැහැණු ළමයෙකු රැකගෙන සිටි සුනඛයෙකු සොයාගෙන තිබේ.

බිළිඳා ලෙබනනයේ නාගරික ගොඩනැගිල්ලක පිටත දමා ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දරුවෙකුගේ කෑගැසීමක් ඇසීමෙන් පසු සුනඛයා බෑගය රැගෙන යන ආකාරය දුටු මගියකු බෑගය ලබාගෙන එහි ඇතුළත සිටි බිළිඳා සොයා ගෙන ඇත.

බිළිඳාගේ සිරුර පුරා තැලීම් ඇති අතර ඉස්ලාමීය පුණ්‍යායතන රෝහල වෙත ගෙන ගොස් ආරක්ෂක අංශ සහ අධිකරණ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු බිළිඳාව ට්‍රිපොලිහි රජයේ රෝහල වෙත මාරු කර තිබේ.

බිළිඳාගේ වයස පැය කිහිපයක් පමණක් වෙයි.

බිළිඳා අතහැර ගිය අය සොයා ලෙබනනයේ පොලිසිය පරීක්‍ෂණ පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

අමෙරිකාවෙ පැයකට කොරෝනා ආසාදිතයන් 2600ක්

colombotoday

Amazon සේවකයින් 9000 ක් ඉවත් කිරීමට තීරණයක්

Admin

මහමත් මුණුබුරා වෙනුවෙන් තම දරුවන්ගේ ලේ හලන අෂුරා උත්සවය මුස්ලිම් භක්තිකයන් සමරයි – Video

colombotoday

ජපානයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්

Admin

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

රුසියාවෙන් යුක්‍රේනයේ නගර කිහිපයකට ප්‍රහාර – ප්‍රහාරක ජෙට් යානා 5ක් සහ හෙලික්ප්ටරයක් බිම දැමූ බව යුක්‍රේනය කියයි.

colombotoday