Colombo Today Local News

‘පෞද්ගලික බස් කර්මාන්තයට අයවැයෙන් කිසිදු සහනයක් නෑ’

පෞද්ගලික බස් කර්මාන්තය සඳහා මෙවර අයවැයෙන් කිසිදු සහනයක් හිමි නොවූ බව බස් රථ සංගම් පවසති.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ, අයවැයට පෙර පෞද්ගලික බස් සංගම් සමග කිසිදු සාකච්ඡාවක් හෝ සිදු නොකර මෙවර අයවැය සකස් කර ඇති බවයි.

ලීසි පොලී අනුපාත අඩුකිරීම, බස් රථ ආනයනයට අවසර ලබාදීම, ඉන්ධන සහනාධාරයක් ලබාදීම ඇතුලු සහන බස් සංගම් මෙවර අයවැයෙන් අපේකෂා කළ බවත් ඔහු පවසයි.

පෞද්ගලික බස් කර්මාන්තය සඳහා වන සහන ලබා ගැනීම සම්බන්ධයෙන් අයවැය යෝජනාවලියෙන් පසුව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

වියළි මිදි හිස් ඇසුරුම් තුළන් කෝටි 1 1/2ක වියළි කහ මතුවෙයි

colombotoday

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග

colombotoday

අණ නොතකා ගිය කැබ් රියකට වෙඩි

colombotoday

විල්පත්තුව ඉල්ලා බදුර්දීන්ගේ කට්ටිය අඛන්ඩව උපවාසයේ… විසදුම් දෙන්න ජනපතිගෙන් කමිටුවක් !

colombotoday

කොළඹ නගර සභා 150 උත්සවයේ වියමද කෝටි 7යි

colombotoday