Colombo Today Local News

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් දෙකේ කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් පාලමක් අසලින් කිරිඳිඔයේ අතු ගංගාවකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් එකම පවුලේ පිරිසක් වන බවත් ඉන් එක් අයෙක් උප පොලිස් පරීක්ෂකවරයෙක් වන අතර තවත් අයෙක් ගුවන් හමුදා සෙබළෙක් බව පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර අත.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Related posts

“මාතලේදී බාලවයස්කාර සිංහල දැරියක් ගෙනගොස් විවාහකරගෙන“ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

colombotoday

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday

දේශපාලන පිටියේ විශාලම පෙරළියක් අද

Admin

අදත් බස් ධාවනය සීමා වෙයි

colombotoday

කෝකිලායි පන්සල ගලවා ඉවත් කරනු.. උතුරෙන් පිටවෙනු.. විහාරාධිපති හිමිට TNA තර්ජන

colombotoday

ජනපති අනුර ඉදිරියේ අන්තවාදයට ඉඩක් නෑ

Admin