Colombo Today Local News

කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම චීන ආයෝජකයින් දිවයිනට

පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ මූල්‍ය නගරය ( Colombo Financial City ) ලෙස යළිත් නම් කිරීමෙන් පසු, එහි ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයෝ සිව් දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (02)රාත්‍රියේ මෙරටට පැමිණ තිබේ.

චීනයේ බෙහිජිං හි අර්ධ රාජ්‍ය සමාගමක් වන සී.ඉසෙඩ්.කේ.හුවාරුයි කල්චරල් ඇන්ඩ් ආර්ට් සමාගම නියෝජනය කරමින් එම සමාගමේ සාමාන්‍යාධිකාරි ඇතුළු තවත් තිදෙනෙක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ආයෝජනය කරමින් මෙම පෝර්ට් සිටි ව්‍යාපෘතිය තුළ මැණික් කෞතුකාගාරයක්, මැණික් පරීක්ෂා කෙරෙන රසායනාගාරයක් සහ වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

මීට අමතරව මෙම ආයෝජකයින් පිරිස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජනයක් ලෙස විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශලාවක් ආරම්භ කිරීමට ද නියමිතය.

Related posts

ICBT කැම්පස් එක දෙන හොර HND සහතිකය – විශේෂ හෙළිදරව්ව මෙන්න

colombotoday

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

බුදු පිළිමයක් විකෘති කර FB දැමූ කඩුගන්නාවේ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට !

colombotoday

‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ – මොරටුවේ පන්දම් විරෝධයක්

Admin

ඉන්ධන පිරවුම්හලක් තුළ වෙඩි තැබීමක්

colombotoday

ජාතික ආණ්ඩුවකට නැවතත් සාකච්ඡා… ද්‍රවිඩ සන්ධානයත් සහයට…

colombotoday