Colombo Today Local News

තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් මුදල් කමිටුවෙන් විගණකාධිපතිට නියෝගයක්

තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පවත්වන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විගණකාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

එසේම ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මාස දෙකක් ඇතුළත ලබා දෙන ලෙසටද දැනුම් දුන් බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

තිරිඟු පිටි මිල නියාමනයට මිල සූත්‍රයක් අවශ්‍ය බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙහිදී ප්‍රකාශ කළේය.

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ තවත් භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

මෙරට වෙළෙඳ සල්වල විවිධ මිල ගණන් යටතේ තිරිගු පිටි අලෙවි කෙරෙන බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුණි.

තිරිගු පිටි කිලෝවක් රුපියල් 190ට ක මුදලකට අලෙවි කළ හැකි බව කමිටුව නිලධාරීන්ට දැනුම් දුන්නේය.

තිරිඟු පිටි මිල සැකසීමේදී මිල ගණනය කිරීම් දෙකක් ක්‍රියාත්මක වන බවත් මෙම තත්ත්වය වෙනස් කළ යුතු බවත් සභාපතිවරයා කීය.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාලිමේන්තුවේදී පසුගියදා රැස්විය.

මෙම නියෝග ලබාදී ඇත්තේ එම රැස්වීමේදීයී.

Related posts

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday

පෞද්ගලික බස් රථ වර්ජනයක්

colombotoday

ලක්ෂ 5ක අල්ලසකට පොඩි ලැසී ට දුරකථන පහසුකම් දුන් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

හෙල්මට් නැතිව ගිය තිදෙනෙක් ඇල්ලුවට මඩකලපුවේදී පොලිසියට ගුටි.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් සමග සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday