Colombo Today Local News

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර හරක් කටා සහ කුඩු සලිදු පන්නන්න මෙහෙයුමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිදු නැමැති පාතාලකරුවන් මුදා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණයවී ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ(24)දින කරුණු වාර්තා කළේය.

ඒ අනුව, එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

කොමාන්ඩෝ නිල ඇඳුමින් සැරසුණු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවී රසායනික අවි ප්‍රහාරයක් සිදුකර හරක් කටා සහ කුඩු සලිදු මුදාගෙන පලායෑම මෙම සැලසුමේ අරමුණ බවද එම දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර ඇත.

මෙම ප්‍රහාරය සැලසුම් කළ හිටපු කොමාන්ඩෝ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරය පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇත්තේ එම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදීය.

මේ සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණයවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂක රැකවල් වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

දෙහිවල මුහුදේසිටි පුද්ගලයෙක් කිඹුලෙකුට බිලි වෙයි

colombotoday

සදුදාත් ඡන්දයක්… පාර්ලිමේන්තුව ගිනි තැබීමේ සූදානමක්…

colombotoday

මුහුදේ පාවෙමින් තිබූ අදහාගත නොහැකි දේ

Admin

තිලංග සුමතිපාල ඉල්ලා අස්වේ… අස්වීමේ ලිපිය ජනපතිට යවයි…

colombotoday

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු දැනුම් දෙමින් කතානයකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

ප්‍රවීන කාටුන් ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වේ

Admin