Colombo Today Local News

කොරියාවේදී ගිනිගන්නා නිවසට පැන කාන්තාවක් බේරාගත් අපේ රටේ  තරුණයාට ඥානසාර හිමිගෙන් හරසර 

ගිනි ගන්නා නිවසක් තුළට ගොස් වයස්ගත කාන්තාවක් බේරාගත් ශ්‍රී ලාංකික නිමල් බණ්ඩාර නමැති තරුණයකු  පිළිබඳ පුවතක් දකුණු කොරියාවෙ මාධ්‍ය වාර්තා කර සිටියා.කාන්තාව බේරාගැනීමට ගින්දර තුලට යාම හේතුවෙන් ඔහු පිළිස්සුම් තුවාල ලැබූ බවයි වාර්තා උනේ.

මේ අතර විශේෂ ධර්ම දේශනයක් සදහා කොරියාවට වැඩම කර සිටින බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි, තේගු ලංකාරාමාධිපති කටුවන විජිතවංශ හිමි සහ මැදබැද්දේ පියනන්ද හිමි  විසින් අදාළ වීර ක්‍රියාව සිදුකල තරුණයා ගෙන්වා ඔහුගේ ක්‍රියාව අගය කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ඥානසාර හිමි, සිංහලයා නිතරම අන්‍යයන් වෙනුවෙන් තම ජීවිතය උවත් පරදුවට තැබීමට පසුබට නොවන ඓතිහාසික ජාතියක් බවත් මෙම වීර ක්‍රියාව සිදු කල තරුණයා පිලිබදව අප ආඩම්බර විය යුතු බවත් පෙන්වා දෙනු ලැබුවා.

Related posts

“පුත්තලමේ අපි බූරුවෝද ?“ – ඇමති අසයි !

colombotoday

එදා ‘‘යැංකි ඩිකී‘‘. අද ‘‘යැංකි විකී‘‘ ඇමරිකන් ගැති නෑයන් දෙදෙනෙකු ගැන වාසු කියයි

colombotoday

සියලු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්නා – දිනේෂ් ගුණවර්ධන

colombotoday

ලංකාවට ෆෙඩරල් එක්‌සත් ජාතීහු නිර්දේශ කරති

colombotoday

පේරාදෙණියේ චමෝදි සංදීපනීගේ මරණයට හේතුව තහවුරු කරන්න ඇමති විශේෂඥ කමිටුවක් පත් කරයි

Admin

සැලසුම් කළ සැත්කම් ඇනහිටීමේ අවදානමක්

colombotoday