Colombo Today Local News

වෙසක් මාසයේදී ඥානසාර හිමිගෙන් රජ වැඩක් – සංකල්පය ඇතිවුනේ වැලිකඩදී

bbs_wesak

මෙම වසරේ වෙසක් මාසයේදී බොදු බල සේනා සංවිධානය ඇතුළු සියළු බෞද්ධ සංවිධාන එකතුව අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදී විශාල පින්කමක් සංවිධානය කිරීමට සුදානම් වන බව එම සංවිධාන අරන්චිමාර්ග සදහන්කර සිටිනවා.

සිංහලේ සමගිය අපේක්ෂාවෙන් සිදු කිරීමට නියමිත මෙම පිංකම මගින් ඉතිහාසයේ රට වෙනුවෙන් දිවිපිදු විරුවන්, තිස් වසරක යුධ ගිනි නිවා රටට සාමය ගෙන දුන්, ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ, ඇස් ඉස් මස් ලේ දන් දුන් රණවිරුවන්, ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍ය විරෝධී කැරැල්ලෙන් මියගිය තරුණයින් වගේම රටේ ආරක්ෂාව වෙනුවෙන් සිටින දේවි දේවතාවන්ට පින් අනුමෝදන් කිරීම අරමුණ වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙවැනි පින්කමක් මීට පෙර වළගම්බා රජ දවස පැවතුන බව, ඉතිහාසයේ සදහන්ව ඇති බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රකාශකයකු සදහන් කර සිටි අතර මෙම පිංකම පිළිබද සියළු තොරතුරු එන සතියේ ඥානසාර හිමි විසින් හෙළ බොදු ජනතාව වෙත හෙළිකරනු ඇති බවත් ඔහු සදහන් කර සිටියා.

බොදු බල සේනා සංවිධානය ආරම්බයේදීද ජිවිත අහිමිවූ සැමට පිං පමුණුවා මහා සාංඝික දානයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ බවයි එම ප්‍රකාශකයා තවදුරටත් සදහන් කර සිටියේ

Related posts

අයිස් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම් කරයි

colombotoday

ළමුන් අතර වෛරස් හා ශ්වසන රෝග වැඩිවීමක්

Admin

බස්නාහිරින් යන එන අයගේ ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත් සෞඛ්‍ය අංශ නෑ

colombotoday

ජනපති අනිද්දා ජාතිය අමතයි

colombotoday

හදිසි නීතිය දමා, කොළඹ කුණු අදින්න හමුදාව යොදවන්න යෝජනා කෙරේ !

colombotoday

ව්‍යාජ අංක තහඩු ගහන් ඉන්ධන පෝලිමට ආ අයෙකුට වැඩ වරදී

colombotoday