Colombo Today Local News

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතිය

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ලෝකයේ බොහෝ රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ චර්යාධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙන බව රජය පවසයි.

ඒ අනුව, එම කාර්යය සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත පිළිබඳව කතානායක සහ සියලුම පක්ෂ නායකයන් ගේ අදහස් ලබා ගැනීමටත් අනතුරුව එකී අදහස් සැලකිල්ලට ගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය වරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගවීම, විශ්වාසනීයත්වය, පැහැදිලි භාවය හා වෘත්තීය භාවය පිළිබඳ සහතික වීම, විවස්ථාදායකයේ සඵලත්වය, විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳ මහජන විශ්වාසයක් ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව රජය පවසයි.

Related posts

ඇමති රාජිතගේ පුත් චතුර කැබිනට් මණ්ඩලයටත්..!!

colombotoday

ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී

colombotoday

විශ්වවිද්‍යාලවල ලියාපදිංචිවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

colombotoday

නීති විරෝධීව ආ ඔක්සිමීටර් 4200ක් කටුනායකදී අල්ලයි

colombotoday

“ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත්තා”යැයි කියන සිදුවීම සිදුනොවූ දෙයක් බව ජනපති කියයි

colombotoday

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරිනීතිය පැනවේ

colombotoday