Colombo Today Local News

සිංහල ජනතාවට උතුරු නැගෙනහිර ඉඩම් ලබාදීමට විරෝධය පළ කරමින් හර්තාල් ව්‍යාපාරයක්

දෙමළ දේශපාලන පක්ෂ 07 විසින් ඒකබද්ධ නිවේදනයක් නිකුත් කරමින් උතුරු නැගෙනහිර පළාත් තුළ අද (20)දින ව්‍යාපාරය දියත් කර තිබේ.

මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට සිදුවූ බව කියන තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මකයි.

ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත් තුළ අලුතින් බෞද්ධ පන්සල් ඉදිකිරීමට සහ මඩකලපුව,මයිලතමඩු ප්‍රදේශයේ දෙමළ ජාතික කිරිගොවින් භාවිත කළ ඉඩම් සිංහල ජනතාවට ලබාදීමට විරෝධය පළ කරමින් මෙම හර්තාලය කැඳවා තිබේ.

හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වුවත් පාසල් දරුවන් වෙනුවෙන් වාර විභාග පැවැත්වෙන බැවින් දරුවන් සාමාන්‍ය පරිදි පාසල් පැමිණි බව වව්නියාව දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

රාජ්‍ය ආයතනද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.

හර්තාලය හේතුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ කඩ සාප්පු වසා තිබුණද අනෙකුත් සියලු සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Related posts

අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී

Admin

මෙරට ඉඩම් මැනීම ඇමරිකාවට පවරයි.. විරෝධය දක්වා මිනින්දෝරුවෝ වැඩ වරති

colombotoday

අජිත් ප්‍රසන්න ට ඇප. | මින්මතු සාක්ෂිරුවන්ට බලපෑම් වෙන ප්‍රකාශ නිකුත් නොකරන බවට ප්‍රතිඥාවකුත් දෙයි.

colombotoday

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කරයි !

colombotoday

පොහොට්ටුවෙන් ගැලවුණු මැදවච්චිය ප්‍රා සභාවේ බලය නැවතත් පොහොට්ටුවට

colombotoday

දැරියව අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි 4ක් ගැන හෙළි වෙයි | දැනට 32ක් අත්අඩංගුවේ

colombotoday