World

බයිඩන් ජාතිය අමතා දුන් ප්‍රතිඥාව

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ජාතිය ඇමතුවේය.

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් යළිත් වරක් අවධාරණය කළේය.

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අදහස් දැක්වීමක් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ‘විනාශ කිරීමට’ උත්සාහ ගන්නා නපුරන් යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, හමාස් සංවිධානය මෙන්ම රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද හඳුන්වා දුන්නේය.

ඊශ්‍රායලයට මෙන්ම යුක්රේනයට ද දිගටම සහාය පළ කරන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ප්‍රතිඥා දුන්නේය.

හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වදින ඊශ්‍රායලයට මූල්‍ය ආධාර අවශ්‍ය බවත් ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් ඊශ්‍රායලයට ලබා දීමට තමන් කටයුතු කරන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවසීය.

Related posts

“සියලු ඇමරිකානුවන් සඳහා” ජනාධිපතිවරයෙකු වීමට ලෝක බලවතාගෙන් පොරොන්දුවක්.

colombotoday

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලි වලින් අරාබි අංග ඉවත් කරයි.

colombotoday

යේමන ඇමති මණ්ඩලය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාරයක්

colombotoday

තවත් කොවිඩ් එන්නතකට WHO අනුමැතිය හිමිවෙයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුස්ලිම් විරෝධය ඇවිළේ.. බුර්කාව ගලවා කාන්තාවකට පහර දීලා !

colombotoday

ISIS සටන්කාමීන් 200ක් ප්‍රහාර මාළාවකට සුදානමින්

colombotoday