World

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුස්ලිම් විරෝධය ඇවිළේ.. බුර්කාව ගලවා කාන්තාවකට පහර දීලා !

ලන්ඩන් සහ මැන්චෙස්ටර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍ය තුළ මුස්ලිම් විරෝධය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසයි.

ලන්ඩන් පොලිස් සීමාව තුළ පමණක්, බ්‍රිතාන්‍ය වැසියන් විසින් එරට ජීවත්වන මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව පහරදීම් කඩාකප්පල් ක්‍රියා 1217ක් වාර්තා වන අතර, මුස්ලිම් පල්ලියකට පහරදීමක් මෙන්ම මුස්ලිම් කාන්තාවක් පැළද සිටි බුර්කාව ගලවා පහරදීමක් ද වාර්තා වේ.

මේ වනවිටත් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන ප්‍රදේශයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාව ද තර කර ඇති බවත් ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත. මුස්ලිම් ජාතිකයක් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලින් ඈත් වී සිටිමට බ්‍රිතාන්‍ය වැසියන් කටයුතු කරන බවද පැවසේ.

 

Related posts

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday

ඩොලර් සංචිතය ඉතුරු කරන් ඉන්ධන ගන්න ඝානාව අලුත් තීරණයක

Admin

බ්‍රිතාන්‍යයම ඉස්ලාම් ත්‍රස්ත බියෙන්.. ලන්ඩනයේ ආරක්ෂාවට පන්දාහක හමුදා බළඇණියක්

colombotoday

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැන ගිහින්

colombotoday

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Admin

තලෙයිබාන් ත්‍රස්තයන් ඇමරිකාවට අනතුරු අඟවයි

colombotoday