Colombo Today Local News

දක්ෂිණ අධිවේගයේ නාය යෑමෙන් වාහන ධාවනයට බාධා..

අයහපත් කාලයගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්දූව අතර කොටසට ඊයේ(11) රාත්‍රියේ පස්කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනා ගමනය සම්පර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය පවසයි.

නායයාම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් විශේෂ කාර්ය බළකායේ ගිනි නිවීමේ රථයක් සහ ගිලන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් නිළධාරීන් පස් දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකායේ ගිනි නිවීමේ රථයක් සහ ගිලන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්ථා වේ.

මෙයට අමතරව නායයන අවස්ථාවේදී අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් අනතුරට පතවුවත් එහි ගමන් ගත් පිරිසට කිසිදු අනතුරක් සිදුව නොමැති බවද වාර්ථා වේ.

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 102- සැතපුම් කණු අසල කොටසේ පස්වරු 7.55 ට පමණ මෙම පස්කන්ද කඩා වැටී ඇති බව පොලිසිය පවසයි.

පස් කන්ද කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර, කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පින්නදූව හුවමාරුවෙන්, පිටතට ගොස් යළිත් ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවත්, මාතර දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන ඉමදූව හුමවාරුවෙන්ම පිටතට ගොස් යළිත් පින්නදූව පිවිසුමෙන් යළිත් ඇතුලුවිය හැකි බව අධිවේගී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් ඊ එස් වීරකෝන් මහතා පැවසීය.

මේ අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ඕපනායක ප්‍රදේශයෙන් මාර්ගයට පස් කදු කඩා වැටීමෙන් සහ ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිසිය කියයි.

එම මාර්ග භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.

Related posts

ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ ඉතිරි වැඩ වලට සල්ලි නෑ… හිල්ටන් හෝටලයත් සමග විකුණා දැමීමට ඇමති මණ්ඩලය තීරණය කරයි..

colombotoday

පෑලියගොඩ පට්ටිය හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 142ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැර ගත්තැයි හිරුණිකා වරද පිළිගැනීමට සූදානම්.. අධිකරණයට දැනුම් දෙයි

colombotoday

“විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීම ගැන සලකා බලන්න සිදුවෙනවා” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

colombotoday

19 රකින්න ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බව සමගි ජන බලවේගය කියයි

colombotoday

ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday