Colombo Today Local News

හිටපු IP ඝාතන සැකකරු STF සමග වෙඩි හුවමාරුවේදී මරුට

මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ, පසුගියදා වෙඩි තබා ඝාතනය කෙරුණු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අදාළ ප්‍රදේශයේ සිටින බවට තොරතුරක් ලැබී ඇති බවයි.

ඒ අනූව පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී 42 හැවිරිදි සැකකරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Related posts

තවත් පාතාල කල්ලි ගැටුමක ඝාතකයෙක් අල්ලයි

Admin

හයර් දුවනවනම් මීටරේ අනිවාර්යයි…

colombotoday

ඖෂධ වර්ග 153ක් හිගයි – සෞඛ්‍ය ඇමති කියයි

Admin

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

Admin

සැකකරු සිරමැදිරියේ නූලකින් ගෙල වැළලා ගනී

Admin

“ඒකීයභාවය අහෝසියි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නෑ.. හැබැයි සමලිංගික සේවනය නීත්‍යානුකූලයි” ව්‍යවස්ථා මරඋගුල ගැන විමල් කියයි

colombotoday