Colombo Today Local News

තවත් පාතාල කල්ලි ගැටුමක ඝාතකයෙක් අල්ලයි

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දී යතුරුපැදියකින් පැමින පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්දීයේ මහ මොලකරු ඇතුලු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි රටේ සැඟවී සිටින ගඩ්ඩා නොහොත් මාකස් ජෝස්ප්ගේ කල්ලිය සහ විදේශගතව සිටින බත්තරමුල්ල බන්ටිගේ පාතාල කන්ඩායම් අතර ගැටුමේ ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව තලංගම පොලීසියේ නිලධාරින් අනාවරනය කරගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ඝාතන සැලසුම් කළ බව කියන අතුරුගිරියේ 34 තරුණයෙකි.

සැකකරු මෙය සැලසුම් කර ඇත්තේ ඩුබායි රටේ සැඟවී සිටින ගඩ්ඩා නොහොත් මාකස් ජෝස්ප්ගේ උපදෙස් මත බව මූලික පරීක්ෂණවලින් හෙලි වූ බව ද පොලීසිය පවසයි.

මෙම සැකකරුට හා ගඩ්ඩාහට අතුරුගිරියේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනාවක්ද ඇති බවත් මැසෙන්ජර් හරහා ඩුබායි සිටින ගඩ්ඩා නැමැත්තා සමග තොරතුරු කතාබහ කර ඇති බවද අනාවරණය වී ඇත.

සැකකරු සමග ඝාතනය සදහා භාවිතා කළ යතුරු පැදියට යොදාගත් ව්‍යාජ අංකතහඩුව සකසන ලද අතුරුගිරියේ පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

SAITM වසා දමන තුරු වෛද්‍ය සිසුන් ඉගෙනීමෙන් ඉවත් වෙයි !!

colombotoday

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

Admin

වැසිකිළි වාරයකට වට්ටක්කා කිලෝ 4යි.. පොහොර සහනයත් මුලාවක්.. එළවලු ගොවියාගේ ඛේදවාචකය මෙන්න

colombotoday

ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් බිඳ වැටෙයි

colombotoday

මැතිවරණ නිලධාරීන්ට මේවා ගෙනාවොත් වැඩ වරදියි

colombotoday

එජාපයේ ලොකු වෙනසක්.. රෝසි හැලෙයි.. අනෝමා, අකිල, හරීන් පෙරට

colombotoday