Colombo Today Local News

ඖෂධ හා උපකරණ තරගකාරීව මිලදී ගැනීමේදී බාධා මග හැරවීමට නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටුවක්

ඖෂධ හා උපකරණ තරඟකාරීව මිලදී ගැනීමේදී පවතින බාධා මග හැරවීමට පසුගියදා කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන ඒ එස් සෙනෙවිරත්න මහතා ය.

සරල හා විනිවිද බවින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම හා ඊට ඇති බාධා පිළිබඳව මෙම කමිටුවට මහජනතාවගෙන් ද යෝජනා කැඳවා තිබේ.

ඒ සඳහා උනන්දුවක් දක්වන පාර්ශවලට මෙන්ම සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින්ටද කමිටුවට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා අදාළ යෝජනා හා අදහස් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙනැවිත් භාර දීමට හෝ ඊමේල් කිරීමට පහසුකම් සලසා තිබේ.

අමාත්‍යාංශය සඳහන් කරන්නේ, tpm23nmra@gmail.com හා dirtcs@health.gov.lk යන ඊමේල් ලිපිනයන් ඒ සඳහා භාවිත කළ හැකි බවයි.

ලැබෙන සියලු යෝජනා සලකා බලා ඖෂධ හා උපකරණ මිලදී ගැනිමේදි පවතින බාධා හා ඒවායේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා වාර්තාවක් එම කමිටුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලිවෙයි

colombotoday

මාපියන්ගේ දෑසින් මිදුනු පුංචි පුතු රබර් පටියකට ගෙල සිරවී වී අවසන් ගමන් යයි

Admin

රාති‍්‍ර කාලයේ පුහුණුවිම් කරන මුස්ලිම් දේවස්ථානයක් වටලයි

colombotoday

‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න’

colombotoday

මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පොහොට්ටුව පළාත් සභා මැතිවරණ ඡන්දයේ අපේක්‍ෂක අයදුම්පත් කැඳවයි

Admin