Colombo Today Local News

වරෙන්තු 31ක් ඇති සැකකරුවකු වත්තලදී මාට්ටු

දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු 31 ක් ලැබ සිටි සැකකරුවකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා යතුරුපැදියකින් වත්තල ප්‍රදේශයට පැමිණ සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇත.

රන්මාල කැඩීම යතුරුපැදි සොරා ගැනීම, දුරකථන සොරා ගැනීම, නිවාස බිඳීම, වෙළදහල් බිදීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් වී ඇති බවද පොලිසිය කියයි.

සැකකරු තිහාරිය ප්‍රදේශයේ පදිංචි (41) හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

පාසල් වසා දැමීම තවත් සතියකින් දීර්ඝ කරයි

colombotoday

ගිලන්රථ අධිවේගී මාර්ග ගාස්තුවලින් නිදහස්

colombotoday

හොරණ පාසලක ගුරුවරියකගේ අත්බෑගය පාසලේදී සොරකම් කරලා

Admin

අද සිට දින පහක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

colombotoday

ඉන්දියානුවන්යැයි සැක අය දැක්කොත් දැනුම් දෙන්න. | කොරෝනා මරණ දත්ත ගැන සැකයි – උපුල් රෝහණ

colombotoday

එජාපයේ විවේචනවලට විරෝධ පා ජනපති කැබිනට් රැස්වීමෙන් නැගිට යයි

colombotoday