Colombo Today Local News

අද සිට දින පහක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

අද (08)දින සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය තීරණය කර තිබේ.

ලබන 13 වැනිදා දක්වා එම වැඩසටහන තෝරාගත් ඩෙංගු අධි අවදානම් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59කදී ක්‍රියාත්මක කරන බව එම ඒකකය පවසයි.

ඒ, බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආවරණය වන ලෙසය.

වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහය ද ලබා ගන්නා බව, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සදහන් කරයි.

මේ වසරේ ජනවාරි පළමු වනදා සිට ඊයේ දක්වා මෙරටින් හඳුනා ගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 22,902කි.

Related posts

තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදකලා කෙරේ

colombotoday

“කොළඹ අභිමානය” නමින් සමලිංගික සැණකෙළියක් – එජාප තරුණ බලමණ්ඩලයත් හවුල්

colombotoday

“කළු කබාය ගලවනවා” අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ නීතිඥයෙකුට තර්ජනය කරලා

colombotoday

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

colombotoday

“17 හයිඩ්පාක් රැළිය ශ්‍රීලනිප මන්ත්‍රීන්ට තහනම්.. මහින්දටත් තහනම්.. ගියොත් විනය පියවර” – දුමින්ද දිසානායක

colombotoday

නාමල් අදත් FCID අත්අඩංගුවට ගනී

colombotoday