Colombo Today Local News

සජබ කුරුණෑගල තරුණ සංවිධායක හෙරොයින් සමඟ අත්අඩංගුවට

සමගි ජනබලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ කමිටුවේ සංවිධායකවරයා බව කියන අයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් රඹුක්කනදී අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල පොතුහැර මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකරු 35 හැවිරිදි අයෙක් වන අතර ඔහු ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින්නෙකු බවද පැවසේ.

සැකකරු තම මිතුරන් පිරිසක් සමඟ කෑගල්ල දෙස සිට රඹුක්කන හරහා කුරුණෑගලට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ඔවුන් ගමන් කරමින් සිටි මොන්ටෙරෝ වර්ගයේ සුපිරි ජීප් රථයක් සහ ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙම වාහන දෙකේම හිමිකරු සජබ තරුණ සංවිධායකවරයා බවද කියයි.

Related posts

වරාය නගර පනත සම්මත වුනොත් එක රටක නීති දෙකක් ඇති වෙනවා.. අක්කර සිය ගානක් චීනයට සින්නක්කර වීම යහපාලන රජය වැළැක්වූවා

colombotoday

කොළඹ පැරණි ගොඩනැගිලි ආයෝජනයට දෙන්න සැලසුම්

Admin

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin

අඛණ්ඩව ඉදිරියට යන යුක්තිය මෙහෙයුම

Admin

අන්තරේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක

Admin

කුරගල පුදබිමට ජූජා භූමි ඔප්පුවක් දෙයි.. සහජීවනය තකා අනවසර පල්ලිය ඉවත් නොකෙරෙයි !

colombotoday