Colombo Today Local News

කොළඹ පැරණි ගොඩනැගිලි ආයෝජනයට දෙන්න සැලසුම්

ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන සදහා ලබා දීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze මහත්මිය ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙම සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේදී අද (5)දින පැවැත්විණි.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙරට පෞරාණික ගොඩනැගිලි සුදුසු පරිදි ආයෝජන අවස්ථා සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් සහ ජෝර්ජියානු ආයෝජකයින් වෙත එම ආයෝජන අවස්ථා ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ.

කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ කොළඹ “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් මේ සදහා හඳුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

Related posts

විල්පත්තු රක්ෂිත මායිමේ අක්කර 100ක් ඩෝසර් කර කෝමාරිකා හිටවයි !

colombotoday

මැදවච්චියේ හෝටල් හිමිකරුවෙක් විදේශක කාන්තාවන් රවටා කෝටි ගණනක මුදල් අරන්. එක් කාන්තාවක් අතුරුදහන්.

colombotoday

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

ආගමික කටයුතු හා නිදහසේ කාලය ගතකිරීමට පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කෙරේ

Admin

ජිනීවා උණුසුමෙන් මැති සබේ රත් වෙයි. දිනේෂ් සෙංකෝලයත් උස්සන් දුවයි

colombotoday

ඊයේ රාජ්‍ය සේවකයන් ලක්ෂ එකහමාරක් වැඩට ගිහින් නෑ…

colombotoday