Colombo Today Local News

වරාය නගර පනත සම්මත වුනොත් එක රටක නීති දෙකක් ඇති වෙනවා.. අක්කර සිය ගානක් චීනයට සින්නක්කර වීම යහපාලන රජය වැළැක්වූවා

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත සම්මත වීමෙන් පසු එක රටක නීති දෙකක් ඇති වන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේ දී අද (19 )දින පැවසීය.

මිනිස්සු පාරවල්වල මැරෙන මේ මොහොතේදී ඒ ප්‍රශ්නය විසඳීමට මුලින්ම කටයුතු කරන්නැයි තමා පාලකයන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ අවශ්‍යතාවය කුමක්දැයි අද පැහැදිලි බවත් පෝට් සිටියේ අක්කර සිය ගණනක් චීනයට සින්නක්කරව යන්න ගිය අවස්ථාවේදී එය යහපාලන රජය වැළැක්වූ බවත් ඔහු පැවසුවේය.

මේ පනත් කෙටුම්පතට විරුද්ධත්වය පළ කරන බවද මන්ත්‍රීවරයා කීය.

අලවතුවල මහතා මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දී ය.

Related posts

‘යහපාලන පාර්ශවයත්‘ අවදිවෙයි.. අස්ගිරි මහා නාහිමියන්ට අභියෝග කරයි.. (Video)

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ මහබැංකු උපදේශකකමට !

colombotoday

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin

බැදුම්කර වාර්තාවේ වැදගත්ම කොටස හංගලා.. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ බාගයයි

colombotoday

රටේ සිදුවන දේ පත්තරෙන් දැකලා කොහොමද රට පාලනය කරන්නේ – මහින්ද අසයි

colombotoday

අකිල විරාජ් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday