Colombo Today Local News

කුරගල පුදබිමට ජූජා භූමි ඔප්පුවක් දෙයි.. සහජීවනය තකා අනවසර පල්ලිය ඉවත් නොකෙරෙයි !

Kuragala 2562

බලංගොඩ ඓතිහාසික කුරගල පුදබිමට පූජා භූමි ඔප්පුවක් පිරිනැමීම ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අතින් ඊයේ (04)සිදු කෙරිනි.

බලංගොඩ සම්බන්ධීකරණ රැස්වීමේදී මෙම කටයුත්ත සිදුකෙරී ඇති අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ආගමික සංහිදියාව ඇති කිරීමේ අරමුණින් මෙම පූජා භූමි ඔප්පුව පිරිනැමූ බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පිරිනැමීමට නියමිතව තිබූ මෙම පූජා භූමි ඔප්පුව මෙසේ පිරිනැමූ බවත්, ආගමික සංහිදියාව ඇති කිරීමේ අරමුණින් එය පිරිනැමීමට කටයුතු කළ බවත්ය.

කෙසේ වෙතත් මේ වන විට කුරගල පුදබිමට අයත් පුරාවිද්‍යා රක්ෂිතයේ ඉදිකර ඇති අනවසර මුස්ලිම් පල්ලිය සහ ඉදිකිරීම් ඉවත් කරනවාද යන්න තීරණය කර නොමැති අතර ඒ පිළිබදව විමසීම සදහා Colombotoday  අපි අමාත්‍යවරයා සම්බන්ධ කරගැනීමට උත්සහා කළද උත්සාහය ව්‍යාර්ත විය.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දක්වමින් කුරගල බෞද්ධ උරුමය වෙනුවෙන් දශක කිහිපයක් පුරා හඩ අවදිකළ භික්ෂූන් වහන්සේලා සදහන් කළේ පුජාභූමි ඔප්පුවක් පිරිනැමීම තුළින් කුරගල පුදබිම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්වයට සැබෑ පිළියමක් නොළැබෙන බවයි. 1971 අංක 14987 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරය මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබෙන අතර එම භූමියේ ඉදිකර ඇති අනවසර පල්ලිය සහ ඉදිකිරීම් ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක්ද ලබා දී තිබේ. කළ යුතුව තිබෙන්නේ නීතියට අවනතව එම අනවසර ඉදිකිරීම් ඉවත් කර බෞද්ධ උරුමය ආරක්ෂා කර දීම මිස පැලැස්තර ඇලවීම නොවන බවයි උන්වහන්සේලා සදහන් කළේ.

“කුරගල පුදබිමේ ඉදිකැර ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කරගැනීමට මුස්ලිම් පල්ලියේ භාරකරුවන් මේවන තෙක් කැමැත්ත පළකර නොමැත. එසේ තිබියදී ආගමික සහජීවනය වෙනුවෙන් මෙම පූජාභූමි ඔප්පුව පිරිණැමුවා යැයි අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශයෙන් පෙනී යන්නේ ‍කුරගල බෞද්ධ උරුමය වෙනුවෙන් ගෙනයන අරගලය දියාරු කර බෞද්ධ පාර්ශවය නොමග යැවීමට මේ තුළින් උත්සහා දරා ඇති බවයි. ආගමික සහජීවනය වෙනුවෙන් යැයි පවසා ඊළග පියවරෙදී අනවසර මුස්ලිම් පල්ලියටත් ඔප්පුවක් සදා දෙනු ඇති බවත්, එබැවින් කුරගල පුදබිම සම්පූර්ණයෙන් නිදහස් කරගන්නා තුරු තමන් මෙතෙක් ගෙන ආ අරගලය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි එම භික්ෂූන් වහන්සේලා වැඩිදුරටත් පවසා සිටියේ.

kuragala232

Related posts

සජිත්ට පොලු මුගුරුවලින් ගසා පන්නයි

colombotoday

මැතිවරණයක් පැවැත්වීම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශිෂ්ට ක්‍රියාවක් – ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි

colombotoday

‘ද්විත්ව පුරවැසිභාවය’ 17 වන වගන්තිය බහුතර ඡන්දයෙන් සම්මතයි

colombotoday

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවෙයි

colombotoday

රු. 5000 දීමනාව බෙදීමේදී වූ අක්‍රමිකතා හේතුවෙන් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ

colombotoday

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday