Colombo Today Local News

හිටපු ජනපති මහින්ද ළඟදීම ශ්‍රිලනිපයෙන් නෙරපන්න යයි !

mahinda slfp

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට තවදුරටත් අනුබල දුනහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණයක් ගෙන ඇතැයි ශ්‍රීලනිප අභයන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, පක්ෂ විනය කඩ කරමින් පක්ෂය දෙකඩ කිරීමට දිගින් දිගටම කුමන්ත්‍රණය කරන පක්ෂයේ ප්‍රබලයන් රැසක්ම ළගදීම ඔවුන් දරන තනතුරුවලින් සහ පක්ෂයෙන් නෙරපා හැරීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සම්න්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පවසන්නේ පක්ෂ අභ්‍යන්තරය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරමින් නිදහසේ කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලබා දී ඇති අවස්ථාව අයුතු ලෙස භාවිතා කරමින් සුළු පිරිසක් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.එම නිසා පක්‍ෂයේ තනතුරු දරමින් මාධ්‍ය ඉදිරියේ සංදර්ශන පවත්වමින් පාක්‌ෂිකයන් නොමග යෑවීමට කටයුතු කරන ආසන සංවිධායකවරුන් දිස්‌ත්‍රික්‌ නායකයන් සහ පක්‍ෂයට අයත් විවිධ සංවිධානවල තනතුරු දරන සියලුම දෙනාම අකමැත්තෙන් වුවත් ඉවත් කිරීමට සිදුවෙන බව ද ඔහු පවසයි.

Related posts

කෙසෙල් ඇවරිය ජනාධිපතිවරණයට. අපේක්ෂකයා සජිත්?

colombotoday

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

21 වැනි ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

Admin

වකුගඩු රෝගීන්ට වෙන්කළ කෝටි 62න් සතයක්වත් එස්.බී. වකුගඩු රෝගීන්ට ලබා දී නෑ

colombotoday

ජනපතිවරණය නොවැ. 15 – දෙසැ. 7 ත් අතර

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නෑ

colombotoday