Colombo Today Local News

පුංචි ඡන්දෙට ඉල්ලූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධාරීන් සඳහා සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

බල ප්‍රදේශයෙන් පිටතට මාරු කරනු ලැබූ අය ඒ සඳහා අභියාචනා කරන්නේ නම් සේවා ස්ථානයේ දේශපාලන කාර්යන් වල හෝ දේශපාලන ප්‍රචාරණ කාර්යයන් වල නිරත නොවෙමින් කටයුතු කරන බවට එම නිලධරයන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ස්ථිර සේවා ස්ථානයට වාර්තා කිරීමට ඉඩ සලසා දීම, 2023/4/ 25 දින සිට 2023/5/8 තෙක් කාලය වැටුප් සහිත නිවාඩු සේ සලකමින් මූලික වැටුප ගෙවීම, 2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරදී ඇති නිලධරයන් 2023.05/8 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව අනිවාර්යයෙන් සේවයට වාර්තා කරන ලෙස නියම කිරීම, ඒ අනුව දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධරයන්ගේ ගැටලු විසඳීම සඳහා ඉහත කරුණු ඇතුළත්ව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Related posts

ආණ්ඩුවේ දැනට කැබිනට් ඇමතිලා 47යි, රාජ්‍ය ඇමතිලා 20යි, නියෝජ්‍ය ඇමතිලා 25යි.. තව ඇමතිවරු මග එනවා

colombotoday

පළමු වාරයේ පාසල් නිවාඩුව එළඹෙන 4 දා සිට

colombotoday

රුමේනියා රැකියා ජාවාරමේ ඉතාලි ජාතිකයා ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

Admin

ඥානසාර හිමියන් රට, ජාතිය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා – මහනායක හිමි

colombotoday

මහනුවරින් පළමු තැන දිලුම්ට

colombotoday

ගංවතුරට ගසා ගිය පුද්ගලයෙකු අතුරුදන්

Admin