Colombo Today Local News

රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන්ගේ ආරක්ෂකයෙකු‌ගේ වෙඩි පහරින් ටිපර් රථ රියදුරෙක් මරුට

ඊයේ (21)දින සවස මඩකලපුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් වැලි ටිපර් රථ රියදුරෙක් මිය ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම වෙඩි තැබීම රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මහතාගේ නිවස ඉදිරිපිටදී සිදුවී ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මීට දින කිහිපයකට පෙර අදාළ ටිපර් රථ රියදුරා සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ත්‍රී රෝද රථයක ගමන් ගන්නා අතරතුර පොලිස් කොස්තාපල්වරයා විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

මේ වන විට පොලිස් නිලධාරියා අදාළ ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර මිය ගිය පුද්ගලයාගේ ශරීරය මඩකලපුව රෝහලේ තැන්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related posts

අවසරයකින් තොර විදුලිය කප්පාදුවට එරෙහිව PUCSL නීතිමය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

colombotoday

ලබන සඳුදා සිට පාසල් කටයුතු යථාතත්ත්වයට.. දරුවන් එන්නත්කරණය ගැනත් අලුත් තීරණයක්

colombotoday

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයා හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

colombotoday

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

colombotoday

ඉන්ධන රැස් කර වැඩි මිලට අලෙවි කළ තවත් අයෙක් අරණායකදී අත්අඩංගුවට

colombotoday