Colombo Today Local News

සාද පැවැත් වු නගරාධිපතිට ඇප | සියලු දෙනා නිවෙස් නිරෝධානයට

නිරෝධායන නීති කඩකරමින් තලවකැලේ ප්‍රදේශයේ සාදයක් පැවැත්වු තලවකැලේ ළිඳුල නගර සභාවේ නගරාධිපතිවරයා ඇප මත මුදා හැර තිබේ.

නගරාධිපතිවරයා ව්‍යාපාරිකයන් 06 දෙනෙකු සමඟ පෞද්ගලික උත්සව ශාලාවක සාදයක් පවත්වන බවට 119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත තලවකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

පසුව සභාපතිවරයා ඇතුළු ව්‍යාපාරියන් 06 දෙනා ලබන මස 04 දින දක්වා නිවෙස් නිරෝධානයට යොමු කිරිමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

ඉදිරියේදී ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

Related posts

එළවළු මිල ගණන් ඉහළට

colombotoday

ගඩොල් බාගේ කතාවට අගමැති කිපෙයි.. දෙරණේ සංඛ ගෙදර යවයි.. විකාශන බලපත්‍රයටත් අනතුරු ඇගවීම්!

colombotoday

යනකොට අනුන්ගේ ඇඳුම් අරගෙන යන්න එපා- රනිල්ගෙන් ඉල්ලීමක්

colombotoday

තවත් අමාත්‍යංශයකට අලුත් ලේකම්වරියක්

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

colombotoday

රටම නොමග යවා ඇමතිලා ගෙන්වූ කෝටි 118 සැප වාහන වරායේ ගොඩබෑම ඇරඹේ

colombotoday