Colombo Today Local News

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මුදල් සහ අදාල වන්දි ලබාදීමේ පදනම මත එහි අයිතිකරුවන්ට නෞකාව ඉවත් කර ගැනීමට ඊයේ (02)දින අවසර ලබාදුනි.

ඒ අනුව නෞකාව ඉන්දියාව දෙසට රැගෙන යමින් පවතින බවට ප්‍රකාශ කළ ද එය මේ වන විට මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අදාල නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකර යාමට තවත් දින 3 ක පමණ කාලයක් ගත වනු ඇති බව ද ඔහු පැවසීය.

මැද පෙරදිග කලාපයේ නැංගුරම් දැමීමෙන් පසු මෙහි ඇති ඉන්ධන වෙනත් නෞකාවකට මාරු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල සහ නෞකාවෙන් කාන්දු වූ ඉන්ධන හේතුවෙන් සිදුවූ පරිසර දූෂණයට අදාල වන්දි ගෙවීමට නෞකාව හිමි සමාගම එකඟතාව පළ කර තිබුණි.

රුපියල් මිලියන 442 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීම සඳහා එම සමාගම එකඟතාව පළ කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.

Related posts

සංශෝධන රහිතව සම්මත වූ අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට අපි විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව CID අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තබයි

colombotoday

මංගල ඉරාජ් ගැටෙයි : ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතුයි – මංගල කියයි

colombotoday

“හම්බන්තොට චීනයට දෙන නිසා, ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට“ – ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

තිස්සමහාරාමයේදී ඥානසාර හිමි පැවැත්වූ ධර්ම දේශනය සඳහා විශාල ජන සහබගිත්වයක්

colombotoday