Colombo Today Local News

රහස් පොලීසිය මාධ්‍ය දඩයමක… “ඊනිව්ස්“ හුරතල් කර “දිවයින“ අධිකරණයට !

රජයේ සේවකයකුගේ දැනුම් දීමකට අනුව නොපැමිණීම සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මඟින් ගොනු කරනු ලැබූ නඩුවකට අනුව ඊයේ (09 දා) ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි “දිවයින” මාධ්‍යවේදී සමන් ගමගේ රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස මහෙස්‌ත්‍රාත් කාවින්ද්‍යා නානායක්‌කාර මෙනවිය නියෝග කළාය.

රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ ඡායාරූපයක්‌ හඳුනාගැනීමේ පෙරට්‌ටුවකට පෙර “දිවයින” පුවත්පතේ සහ ලංකා ඊ නිව්ස්‌ වෙබ් අඩවියේ පළවී තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක්‌ සිදුකරන ලෙස ඉකුත් අගෝස්‌තු 8 වැනිදා එම නඩුව විභාගයට ගත් ගම්පහ මහෙස්‌ත්‍රාත්වරිය රහස්‌ පොලිසියට නියෝග කර තිබිණ.

එසේ නියෝග කර තිබියදී සැකකාර හමුදා නිලධාරියාගේ ඡායාරූපය පළවූ මාධ්‍යවේදී සමන් ගමගේ විසින් ලියන ලද ලිපිය පිළිබඳ විමර්ශන සිදුකරන ලෙස ගම්පහ මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළ බවත් සමන් ගමගේ මහතා ලසන්ත ඝාතන විමර්ශනයට අදාළ කරුණු දන්නා බවට අනාවරණය වී තිබෙන බවත් සඳහන් කරමින් ඉකුත් අගෝස්‌තු 12 වැනිදා රහස්‌ පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයට ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස එහි ස්‌ථානාධිපතිවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (06) යටතේ “දිවයින” මාධ්‍යවේදියාට නියෝගයක්‌ එවා ඇත.

එම නියෝගය “ඉරිදා දිවයින” ප්‍රධාන කර්තෘවරයා විසින් ලබාගෙන මුලින්ම අදාළ ඡායාරූපය පළ කළ ආකාරය ලි�තව දැනුම් දෙමින් පුවත්පත පළවන ලිපියක වගකීම කර්තෘවරයා සතු හෙයින් එයට අදාළ තොරතුරු “ඉරිදා දිවයින” ප්‍රධාන කර්තෘ අනුර සොලමන් මහතා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ගොස්‌ ලබාදී තිබියදී රහස්‌ පොලිසිය මාධ්‍යවේදී සමන් ගමගේට එරෙහිව මෙසේ නඩු පවරා තිබිණි.

මෙහිදී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියේ සැකකාර හමුදා නිලධාරියාගේ ඡායාරූපයක්‌ පළ කිරීම පිළිබඳ ලංකා ඊ නිව්ස්‌ වෙබ් අඩවිය සම්බන්ධයෙන් විමර්ශන සිදුනොකරන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව “දිවයින” පුවත්පත සම්බන්ධයෙන් පමණක්‌ විමර්ශන සිදුකරනුයේ මන්දැයි මහෙස්‌ත්‍රාත්වරිය රහස්‌ පොලිසියෙන් දීර්ඝ ලෙස කරුණු විමසා සිටියාය.

මේ අවස්‌ථාවේ අධිකරණය හමුවේ කරුණු දැක්‌වූ සමන් ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සී. ඒ. පී. වීරරත්න මහතා මෙසේ පැවසීය.

පුවත්පතේ ලිපිය සම්බන්ධව මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක්‌ නිකුත් කරන ලෙස අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර නඩුව කැඳවූ අවස්‌ථාවේ අධිකරණයෙන් ඉල්ලා සිටියාලු. එය වෙනම කාරණයක්‌.

උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ නඩුවට එය පටලවා නොගන්නා ලෙසත් එහිදී ඔබතුමිය අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා. පරීක්‌ෂණවලට සහාය නොදක්‌වන්නේ නම් අධිකරණයට බී වාර්තාවක්‌ මඟින් කරුණු වාර්තා කරන ලෙසත් එවිට මාධ්‍යවේදියාට අධිකරණයේ පෙනී සිටීමට නොතීසියක්‌ නිකුත් කළ හැකි බවත් පවසා තිබුණා.

පුවත්පතක සදාචාරාත්මක බවක්‌ ඇති හෙයින් “ඉරිදා දිවයින” පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ලිපියක්‌ මඟින් සිදුකළ දැනුම්දීමක්‌ මත අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ගොස්‌ ප්‍රකාශයක්‌ ලබා දී තිබෙනවා.

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්‌ඩායම හදන්නේ අධිකරණය මුවාවෙන් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගන්නයි. පුවත්පතේ ලිපියට පෙර ලංකා ඊ නිව්ස්‌ වෙබ් අඩවියයි සැකකරුගේ ඡායාරූපය පළ කළේ.

ඊ නිව්ස්‌ වෙබ් අඩවිය මඟිනුයි “දිවයින” පුවත්පත සැකකරුගේ ඡායාරූපය ගෙන ඇත්තේ. පරීක්‌ෂණ නිලධාරීන් ඊ නිව්ස්‌ වෙබ් අඩවියට ඇයි විශේෂ වරප්‍රසාදයක්‌ දෙන්නේ.

මෙම සිද්ධියට සම්බන්ධ “දිවයින” මාධ්‍යවේදියා අද අධිකරණයේ පෙනී සිටිනවා. ඕනෑම දිනක ඕනෑම වේලාවක ප්‍රකාශයක්‌ ලබාදීම සඳහා ඔහුව අපරාධ පක්‌ෂණ දෙපාර්තමේන්තුවට යෑවිය හැකියි.

Related posts

හිටපු කොටි 30 ක් ජර්මනියෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරයි.

colombotoday

ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

“මම කැසිනෝකාරයෙක් තමා.. ඒක වැරදි වැඩක් නෙවෙයි” – එජාප මන්ත්‍රී නලින් බන්ඩාර

colombotoday

විග්නේෂ්වරන්ගේ ‘මෝඩ චූන්’ ආණ්‌ඩුවට ‘වොයිස්‌ කට්‌’ විතරයි – රන්ජන්

colombotoday

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ රාජකාරි මට්ටම පෙනෙයි

Admin

වෙසක් මාසයේදී ඥානසාර හිමිගෙන් රජ වැඩක් – සංකල්පය ඇතිවුනේ වැලිකඩදී

colombotoday