Colombo Today Local News

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ රාජකාරි මට්ටම පෙනෙයි

හරක් කටාගේ ටෙලිෆෝන් පරීක්ෂා කළොත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි මට්ටම දැනගන්න පුළුවන් බව සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය අද (23)දින පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

“මාකදුරේ මදුෂ්, නැත්තං හරක් කටාගෙටෙලිෆෝන් අරගෙන පරික්ෂා කරන්න කියන්නකො. කාගෙ නොම්බරද මේවායෙ තියෙන්නෙ කියලා බලන්න” යනුවෙන්ද අතුකෝරල මහත්මිය කීවාය.

කෙලින් වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට ශ්‍රී ලංකා පොලිසියේ තැනක් නැතැයි කී අතුකෝරල මහත්මිය පාතාලයේ අභියෝග වලට මුහුණ දෙන්න පොලිසියේ නිලධාරීන්ට සිදු වී තිබෙන බව සඳහන් කළාය.

යහපාලන රජයේ සමයේ දී නම් ඇල්ලු මත්ද්‍රව්‍ය විනාශ කළ බව කී මන්ත්‍රීවරිය දැන් වන්නේ කුමක්දැයි නොදන්නා බවද පොලීසියේ උසස් නිලධාරීන් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගෙවීම් ලැයිස්තු වල ඉන්නා බවද කීවාය.

පොලිස් ඇමැති තුමා සමඟ ප්‍රශ්නයක් නැතැයි ද එතුමා උත්සාහයක් ගන්නා බව පෙනෙන්නට ඇතැයි ද තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

Related posts

ජාතික පාසල් 170ක විදුහල්පති පුරප්පාඩු

colombotoday

නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ කහ තොගයක් පුත්තලමේදී පොලිස් භාරයට

colombotoday

මහින්දට එක්වෙනවානම් මෛත්‍රී අතහැර එන්නැයි ශ්‍රීලනිප 16 කණ්ඩායමට දන්වයි

colombotoday

ආණ්ඩුව අභ්‍යන්තරයේ අගමැති රනිල් සහ මුදල් ඇමති රවී අතර ගැටුම්

colombotoday

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

සයිනොෆාම් එන්නත 60ට වැඩි අයට සුදුසුද? පර්යේෂණ වාර්තා අධ්‍යයනයට

colombotoday