Colombo Today Local News

නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ කහ තොගයක් පුත්තලමේදී පොලිස් භාරයට

නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් සගවා තිබූ කහ කිලෝ 250 ක් පුත්තලමේදී පොලිස් භාරයට ගෙන තිබේ.

පුත්තලම ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය හා එක්ව නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත් සඟවා තිබූ කහ කිලෝ 250 ක් අත්අඩංගුවට ගැනුණි.

පුත්තලම නගරාසන්නයේ වී මෝලක සගවා තිබියදි කැබ් රථයක් තුළ තිබී කහ තොගය පොලිස් භාරයට ගෙන ඇත.

කහ තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා පුත්තලම හා කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් අද පුත්තලම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රනිල් එලවන්න නුවර සිට පාගමන් ආ මෛත්‍රී ගුණරත්න කුරුදු පොලු තොගයක් සහ ගිනිඅවි සමග අත්අඩංගුවට

colombotoday

මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කෙරේ

colombotoday

කුළුබඩු කීපයක් අගය එකතුකර ප්‍රති අපනයනය අරඹන්න අවසර

Admin

අද රාත්‍රියේ ඉන්ධන මිළේ වෙනසක්…

colombotoday

ජනපති සහ චීන ජනපති හමුවෙයි

Admin

පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයි

colombotoday