Colombo Today Local News

පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන කථානායක ගෙන් විනය පරීක්ෂණයක්

ඊයේ (21)දින පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

අද (22)දින පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් කථානායකවරයා පවසා සිටියේ, එම පරීක්ෂණයෙන් ලබාදෙන වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවය.

අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබු දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී නොසන්සුන් තත්ත්වයක් හට ගැණුනි.

එහිදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව මධ්‍යයට පැමිණ විරෝධතාවයේ නිරතවිය.

එහිදී ඇති වු උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විනාඩි 10ක කාලයක් සඳහා සභාව කල් තැබීමට ද කථානායකවරයාට සිදුවිය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදි පවසා සිටියේ විවාදයේ යෝජනාව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කළ බැවින් විවාදයේ ආරම්භයත් විපක්ෂයට හිමිවිය යුතු බවය.

එයට පිළිතුරු දෙමින් සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ, පක්ෂ නායක රැස්වීමේ දී ඒ පිළිබඳ ගත් තීරණය අනුව කටයුතු කරන බවය.

නමුත් එය කිරිඇල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග මැති ඇමතිවරු අතර, උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

Related posts

නොවැම්බර් ටෝකන් ඉවරයි හදිසි නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා

Admin

ලොව දිනුවානම් ප්‍රතිලාභ කෝ? විදේශ ආයෝජන නෑ.. අපනයන ආදායම කඩා වැටිල.. පම්පෝරිය විතරයි

colombotoday

ජපාන යුධ නැව් දෙකක් කොළඹ වරායේ නැංගුරම් දමයි…

colombotoday

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

colombotoday

නියෝජ්‍ය ඇමතිධූර ගණන 25ට වඩා වැඩි වෙයි

Admin

තවත් හෙක්ටයාර හැට දහසක වී වගා කිරීමට සැලසුම්

colombotoday