Colombo Today Local News

සංචාරක ක්ෂේත්‍රයේ ණය සහනය දීර්ඝ කෙරේ

කොරෝනා හමුවේ පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ පුද්ගලයින්ගේ ණය සහනය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

මේ, ඒ සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව අදහස් පළ කරමින් සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, හෝටල් ක්ෂේත්‍රයේ මිලියන 300 කට වඩා ණය ප්‍රමාණයක් පවතින බව ත් බහුතර පිරිසක් වාණිජ බැංකු හරහා මෙම ණය ලබා ගෙන ඇති බැවින් වාණිජ බැංකු ද දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි.

මේ අතර මේ වාණිජ බැංකුවල ණය පියවීම සඳහා ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනදායි ණයක් ලබා ගන්නා ලෙස සංචාරක අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ, පසුව අදාළ මුලු ණය ප්‍රමාණය ම නැවත අලුත් ණයක් ලෙස අදාළ වාණිජ බැංකුවල ලියාපදිංචි කරවිය හැකි බවයි.

Related posts

‘වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයෙන් පිට ගෙවීම් කරන්න බැරි නිසයි’

colombotoday

යහපාලනේ දැන් හොදටම ඇති, කියල ජනතාව කියනවනම් ගෙදර යන්න ආණ්ඩුව ලෑස්තියි – සජිත්

colombotoday

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ උපකාරක පන්ති ගුරාට වැඩ වරදී

Admin

“උතුරේ ආර්ථිකය දියුණු වුණාට වැඩක් නෑ.. දේශපාලන විසදුම තමයි වැදගත්“ – විග්නේෂ්වරන්

colombotoday

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

colombotoday

‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ – මොරටුවේ පන්දම් විරෝධයක්

Admin