Colombo Today Local News

මාර්ග නීති කැඩුවොත් වදින අලුත් දඩ මෙන්න

ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින ධාවනය සඳහා යෙදවෙන රථවාහන සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ සිදුවන වාහන අනතුරු සංඛ්‍යාවත් ඉහළ ගොස් තිබේ.

මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මාරක රිය අනතුරුවලට විශාල වශයෙන් හේතුවන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වැරැදි 07ක් හඳුනාගෙන එම වැරැදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට යෝජනා කෙරුණේ 2016 වසරේදීය.

එහෙත් මේ සම්බන්ධයෙන් බස් සංගම් හා ත්‍රිරෝද රථ සංගම් වෙතින් එල්ල වූ විරෝධය හමුවේ මෝටර් වාහන පනත යටතේ අය කරනු ලබන දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයා විසින් නිලධාරි කමිටුවක් පත් කරන ලදී. එලෙස පත් කළ නිලධාරි කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව පසුගියදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

එලෙස පහත සඳහන් රථවාහන වැරැදි ස½දහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට තීරණය වී තිබේ.

වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම.

රියැදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම.

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය.

දුම්රිය මාර්ගයක් තුළට අපරික්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම.

වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය.

පහත සඳහන් රථවාහන වැරැදි සඳහා දැනට අය කරනු ලබන අවම දඩ මුදල් සංශෝධනය කිරීමද මෙහිදී සිදු කෙරේ.

අධික වේගයෙන් රිය පැදවීම.

නියමිත උපරිම වේගය ඉක්මවා 20% දක්වා අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 3,000ක්ද, නියමිත උපරිම වේගය ඉක්මවා 20%ට වැඩි 30%ට අඩු අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 5,000ක්ද, නියමිත උපරිම වේගය ඉක්මවා 30%ට වැඩි හා 50%ට අඩු අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 10,000ක්ද නියමිත උපරිම වේගය ඉක්මවා 50%ට අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 15,000ක්ද වශයෙන් ස්ථානීය දඩ නියම කිරීම.

වමෙන් ඉස්සර කිරීම.

මෙම වරද සඳහා වන අවම ස්ථානීය දඩය රුපියල් 2,000ක් දක්වා වැඩි කෙරේ.

අපරීක්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කිරීම.

මෙම වරද සඳහා රුපියල් 10,000ක අවම දඩයක් නියම කෙරේ.

නියමිත වයසට අඩු වයසේ තැනැත්තන් විසින් රිය පැදවීම.

මෙම වරද සඳහා දැනට පවතින අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කෙරේ.

මෝටර් වාහන පනතේ ප්‍රකාශිතව දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කරගනු ලබන පොදු දණ්ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2,500ක් දක්වා වැඩි කිරීම.

මීට අමතරව රථවාහන වැරැදි සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග කිහිපයක් සම්බන්ධවද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

ජංගම දුරකතනය භාවිත කරමින් රිය පැදවීම සම්බන්ධයෙන් රුපියල් 2,000ක ස්ථානීය දඩයක් නියම කිරීම.

රියදුරු ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම.

රිය අනතුරු බහුලව සිදුවන ස්ථාන ආශි්‍රතව ඛ්ඛ්ඊඍ කැමරා ස්ථාපනය කර එම තොරතුරු මත පදනම්ව වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.

රථවාහන වැරැදි සඳහා වන ස්ථානීය දඩ මුදල් අය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම් යොදා ගැනීමේ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

අධිවේගී මාර්ගවල හා මහාමාර්ගවල වේග සීමා පුවරු විධිමත්ව ප්‍රදර්ශනය කිරීම.

ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ ධාවනයට අදාළව ඒකාබද්ධ කාලසටහන් හෝ සුදුසු වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

ත්‍රිරෝද රථ සහ පාසල් ළමයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථ හා වෑන් රථ නියාමනය පිණිස නියාමන ආයතන පිහිටුවීම.

මගී ආරක්ෂාව සුරක්ෂිත කෙරෙන කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීම.

රථවාහන නීතිය ක්‍රියාත්මක කරනු ලබන ඇතැම් නිලධාරීන් විසින් සිදු කරනු ලැබිය හැකි විවිධ අක්‍රමිකතා අවම කිරීම සඳහා සහ නීතිය ක්‍රියාත්මක වීමේ විනිවිදභාවය ඇති කරලීම සඳහා නවීන තාක්ෂණික මෙවලම් භාවිත කිරීම.

Related posts

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය ලියාපදිංචියට බලධාරීන් ඉඩ දෙන්නෑ – සිංහල ශිෂ්‍යයෝ කියති

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ඩිජිටල් කාඩ්පතක්

colombotoday

රාජිත බලන්න ජනපති සිංග්පූරු යයි

colombotoday

ෆේස්බුක් ප්‍රධානීන් පිරිසක් බ්‍රහස්පතින්දා ලංකාවට… තහනම ඉවත් කරන දිනය හරීන් කියයි

colombotoday

ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට… කළුතර ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday

සාක්ෂි ලබාදීම බලන්න ආ මෛත්‍රීට ඔක්. 05 කොමිසමේ පෙනී සිටින්න නියෝග

colombotoday