Colombo Today Local News

පොලිස් ස්ථානාධිපතිට වැන්ද හොර චීවරධාරියා සිවුර ගලවා අත්අඩංගුවට ගනියි.

පොලිසිය තුළ සුදු පිරුවටයක් සමග ආසනයක් පනවා මහා සඟරුවනට වැඳ නමස්කාර කළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක‍්ෂකවරයාට හිමිනමක් වැඳ නමස්කාර කළ සිදුවීමක් කුලියාපිටිය පොලිසියෙන් වාර්තා වෙයි.

කොවිඩ් අවදානම සහිත පසුබිමක හිමිනමක් හා සහයට තරුණයින් දෙදෙනෙකු සම්මාදමේ යෙදෙමින් ගෙයින් ගෙට යාම සම්බන්ධයෙන් විරෝධය පෑ ගම්මුන් පිරිසක් ඔවුන් පොලිසිය වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

පසුව සෙසු නිළධාරීන් ලවා සුදුසු ආසනයක් පනවා කුමක් අරඹයා එසේ සම්මාදම් කළාදැයි සැකයෙන් මුත් ගෞරවාන්විතව සිය ප්‍රශ්න කිරීම් ආරම්භ කිරීමත් සමගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක‍ෂක වරයාගේ අසුන ළඟට ගොස් අදාළ හිමිනම හැඬූ කඳුලින් දණ නමස්කාර කර “අනේ මහත්තයෝ මට සමාවෙන්න මාව බේරගන්නයැයි” බැගෑපත්ව ඉල්ලා ඇත.

වහාම එම ස්ථානයෙන් නැගිට එසේ කිරීමෙන් තමා අපහසුතාවයට පත් නොකරන්නැයි කියමින් නැවත ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමත් සමග දුර බැහැර සිට ගම්මාන වෙත ගොස් මගදි මිළට ගත් සිවුරක් ඇඳගෙන එසේ සම්මාදමේ යෙදෙන බව පිළිගෙන තිබේ.

එහිදී මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක‍ෂකවරයා වියත් ස්වාමීන්වහන්සේලා අමතා එහි තත්වය පිළිබඳව විමසමින් උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව අදාළ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් සැකකරු සරසවා යළි ප්‍රශ්න කිරීම් ආරම්භකර අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීමට පෙර ගම්මුන් පිරිසක් විසින් අදාළ චීවරධාරියා ඇතුළු පිරිස ප්‍රශ්න කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි..

Related posts

ඤාණසාර හිමි හිරකරේ ජාත්‍යන්තර මැදිහත්වීමකින්…

colombotoday

රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍ය ධූරයට

Admin

තිරුක්කෝවිල් පොලිසියේ වෙඩි තැබීමෙන් මිය ගිය නිලධාරීන් ගණන 4 දක්වා ඉහළට

colombotoday

භුමදානයෙන් කොවිඩ් පැතිරුනොත් විශේෂඥ කමිටුව දඬුවම් විඳිය යුතුයි.

colombotoday

චීනයේ සිට පැමිණෙන සිසුන් දියතලාව යුද හමුදා කදවුරක් වෙත යොමු කෙරේ !

colombotoday

උද්ඝෝෂකයෝ ලෝටස් පාර වසති – දැඩි වාහන තදබදයක්

Admin