Colombo Today Local News

මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි-පාර්සල් අතුරුදන් වෙයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි හා පාර්සල් අතුරුදන් වීම් වැඩි වෙමින් පවතී. පසුගිය මාසයක පමණ කාලය ඇතුළත එවැනි අතුරුදන්වීම්වලට අදාළව පැමිණිලි රැසක් ලැබී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට එවන ලද අත්‍යාවශ්‍ය ලේඛනයක් ද මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අතුරුදන්ව ඇත. එම ලේඛනය අතුරුදන් වී මාස දෙකක පමණ කාලයක් ගත වී ඇතත් එය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන බව ද ඉහත ආරංචි මාර්ග කියයි. අතුරුදන් වන ලිපි හා පාර්සල්වලට අදාළව සටහන්ව ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරුවට භාර ගත් ලේඛන පමණක් වන අතර ඒවා තැපැල් හුවමාරුවෙන් පිටතට ගිය බවට කිසිදු ලේඛනයක් නැතැයි ද ඒ අනුව ඒවා අතුරුදන්ව ඇත්තේ තැපැල් හුවමාරුවේ දී බවට තීරණය කළ හැකි යැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

තැපැල් හුවමාරුවට ලැබුණු පාර්සලයක් සොරා ගත් එම ආයතනයේම සේවයකයෙක් මීට දෙසතියකට පමණ පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කර තිබිණි. ඔහු මේ වන විට ඇප මත මුදාහැර සිටී.

මෙවැනි අතුරුදන් වීම්වලට හේතුව විධිමත් ක්‍රියාවලියක් නොවීම බවත් මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු විධිමත් කිරීම අත්‍යාවශ්‍ය බවත් එහි සේවකයෝ පෙන්වා දෙති.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන බවත් ඒ අනුව අවශ්‍ය පියවර ගැනෙන බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරී එම්. අස්ලම් සඳහන් කළේය.

Related posts

දහම් පාසල අනිවාර්යය කළ යුතුයි – නමට බෞද්ධකම වැඩක් නෑ

colombotoday

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 – මැ.කො. නිවේදනය කරයි

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න ඉල්ලා තව්හීද් ජමාත් පොලීසි යයි !

colombotoday

සියලු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව ඉවතට

colombotoday

මහනුවර කලහයේ ඇත්ත සුලමුල ලෝකයට හෙළිකළ ඉන්දීය මාධ්‍ය වාර්තාව සිංහලෙන් (Video)

colombotoday

බැඳුම්කර බෑණා ජනපති කොමිසමටත් වෙට්ටු දමයි..! නීතිපතිගෙන් දැනුම් දීමක්

colombotoday