Colombo Today Local News

දහම් පාසල අනිවාර්යය කළ යුතුයි – නමට බෞද්ධකම වැඩක් නෑ

අද රටක අපරාධකාරයො වැඩිවෙමින් පවතින යුගයක  ඒ අපරාධකරුවා මාධ්‍ය මගින්  වීරයෙක් බවට පත් කිරීමේදී   සමහර ළමයි කියනවා ඇහිලා තියෙනවා අහවල් පුද්ගලයා වගේ වුණොත් පත්තරේ වැටෙනවා. ටෙලිවිෂන් එකේ පෙන්වනවා කියලා එම නිසා  ඒවායෙන් මාධ්‍යයත් ඈත් විය යුතුව තිබෙන බව හිටපු ජනපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය .

 විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ 23 වනදා සවස ලුණුගම්වෙහෙර ධිවර ගම්මානයේ මහින්දාරාම විහාරයේ නව වාහල්කඩ විවෘත කිරීමේ හා එම විහාරයේ පවත්වාගෙන යනු ලබන සිරි සදහම් දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා,

 ”අපරාධකරුවා පිළිබඳව අනවශ්‍ය වීරත්වයක් ගොඩනගලා සමාජය ඔහු පිළිබඳව බලන විදිය වෙනස් කරන්න හදන එක වැරදියි බවත් ඒ හේතුවෙන් තරුණයන් වැරදි මත ඇති කරගන්න බවයි .

”අපි  පන්සල මුල් කරගෙන වෘත්තීය පුහුණු ඒකකය, නැණ සැල වැනි ආයතන ආරම්භ කළා. ඊට හේතුව වුණේ පන්සල දරුවන් සහ තරුණයන් වඩාත් ළංකිරීමයි. දහම් පාසල අනිවාර්ය කළ යුතු කාලයක් ඇවිත් තියෙනවා. දහම් පාසල අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට පත් කළ යුතුයි. නමට ‍බෞද්ධයො වෙලා ඉඳලා වැඩක් නෑ. ඒ තත්ත්වය වෙනස් කිරීම අත්‍යාවශ්‍යයි.

 ”අපි අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් කරලා මිනිසුන්ට බයක් නැතිව පාරෙ බැහැල යන්න පුළුවන් තත්ත්වයක් අපි සමාජය තුළ ඇති කළා. අපි භීෂණයට යටවෙලා හිටපු මිනිස්සු. ඒක අපේ තරුණයන්ට, අම්මලා තාත්තලාට අමතක වෙලා. අපි ඒ භීෂණයෙන් රට මුදවාගෙන තියෙනවා. බයක් නැතිව ජීවත් වෙන්න, යාපනයට යන්න, දකුණට එන්න පුළුවන් වාතාවරණයක් ඇති කළ බවද විපක්ෂ නායක වරයා මෙහිදී කියා සිටියේය .

” ප්‍රභාකරන් යුද්ධයෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙච්ච දේ යම් කෙනෙක් කොල කෑල්ලකින් ලබාගන්න සූදානම් වෙනවා නම් එයට මේ සමාජයේ ඉඩක් නැතෙයි කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ නිසා රට තුළ වෙන්නෙ මොනවද කියලා කියන දේ විතරක් පිළිගන්න එපා. බලලා දැනුම ලබාගෙන ඇත්තද නැත්තද කියලා බලලා පිළිගන්න යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.”

Related posts

දිවුරුම් දීම සූදානම්… එජාප මන්ත්‍රීලා ජනපති කාර්යාලයට එති…

colombotoday

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට රකින හැටි ගෝඨාභය කියයි

colombotoday

ඩෙංගු රෝගීන්ගෙන් 20%ක් පාසල් දරුවන් – ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි

Admin

ශ්‍රීපාදස්ථානය පාමුළින් හමුවූ හනුමාගේ කියා වැන්ද පා සටහන ගැන හෙළිවුණු දේ…

colombotoday

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

Admin

සංහිදියාව ඇති කරන්න නම් උතුරේ සංවර්ධනය වේගවත් කළ යුතුයි – අර්ජුන

colombotoday