Colombo Today Local News

උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාවට…?

උතුරු පළාතේ මුහුදු ධීවර කටයුතුවල පාලනය මුළුමනින්ම පළාත් සභාවේ පාලනයට ගන්නා මෙන් උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම හා ධීවර කටයුතු භාර ඇමැති කන්දයියා සිවනේෂන් වෙත දැනුම්දී තිබේ.

උතුරේ ධීවර කටයුතු සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට යාපනයේ ධීවර සමිති සම්මේලනයේ නිලධාරීන් පිරිසක්‌ ඊයේ (24 දා) යාපනයේ දී උතුරු පළාත් කෘෂිකර්ම හා ධීවර ඇමැතිවරයා හමුවූ අවස්‌ථාවේදී ඔහු මේ බව ධීවර සමිති නායකයන්ට ප්‍රකාශ කොට ඇත.

යාපනයේ ධීවර නායකයන් ඇමැතිවරයා හමුවීමට ගොස්‌ ඇත්තේ දකුණේ ධීවරයන් උතුරු මුහුදට පැමිණ තහනම් ධීවර ආම්පන්න භාවිතා කරන නමුත් ඔවුන්ව අත්අඩංගුවට නොගෙන උතුරේ ධීවරයන් පමණක්‌ අත්අඩංගුවට ගැනීම සිදු කරන බව පැවසීමටය. එය අසාධාරණයක්‌ බව ඔවුන් පවසා ඇත. තවත් උතුරේ ධීවර ගැටලු කීපයක්‌ සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට මෙම හමුවේ අරමුණ වී තිබේ.

එහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ මෙම ගැටලුව සේම දකුණේ සිට පැමිණෙන රජයට සම්බන්ධ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් විවිධ හේතු දක්‌වමින් උතුරේ ධීවරයන්ගේ මාළු තොග ඉතා අඩු මුදලකට රැගෙන යන බවයි.

මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ප්‍රධාන ඇමැතිවරයා ලබාදුන් උපදෙස්‌ මත මධ්‍යම රජයද ධීවර ඇමැතිවරයා සමඟ සාකච්ඡා කොට උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාව මගින් සිදු කිරීමට හැකි ක්‍රමවේදයක්‌ සකසන බවයි.

ඉන්පසුව උතුරේ ධීවරයන්ට දකුණේ ධීවරයන්ගෙන් ඇතිවන ප්‍රශ්න ඇති වීමට ඉඩක්‌ නොමැති බවද උතුරු පළාත් ධීවර අමාත්‍යවරයා පවසා ඇත.
-Divaina-

Related posts

පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් හදිස්සියේ ජනපති හමුවෙයි, අලුත් ආණ්ඩුවකට සැරසෙයි?

colombotoday

ඉඩම් ආරවුලක් මරණින් කෙළවර වෙයි

colombotoday

විශ්වාසදායි ආරංචි මාර්ගවලින් සුභ පණිවිඩයක් ලැබිලා.. | රන්ජන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

colombotoday

නැගෙනහිරදී ජාතියේ අභිමානය පාපිස්නාවට වැටෙයි!

colombotoday

හලාල් ගැන තීරණය කරන්නේ මුස්ලිම් ජනතාවට ඕන විදිහටයි.. යහපාලනය යනු එයයි – රාජිත

colombotoday

ධීවරයින්ට දැනුම් දීමක්..

colombotoday