Colombo Today Local News

ඉදිරියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත භූකම්පන අවදානමක්!‌ – අනතුරු ඇඟවීමක්

earthq

ඉන්දු – ඔස්‌ට්‍රේලියානු භූ තලය ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන අස්‌ථායි භූ තල විභේදන කලාපය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ දැවැන්ත භූ කම්පන සිදුවීමේ අවදානමක්‌ පවතින බව භූ විද්‍යාඥ මහාචාර්ය සී. බී. දිසානායක මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 500 – 700 අතර දුරකින් පිහිටි මෙම නවතම භූතල විභේදන කලාපයේ බලපෑම සුළුවෙන් තැකිය නොහැකි බව මහාචාර්ය සී. බී. දිසානායක පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දිසානායක මහතා මෙසේද කීය.

‘මෙම නවතම භූ තලය විභේදනය වීම ඇරඹෙන්නේ වසර මිලියන 50 කට පමණ පෙර සිටයි. ඉදිරියටත් වසර මිලියන දහයක්‌ දක්‌වා පැවතිය හැකියි. භූ තලය විභේදනය වීමට පෙර අස්‌ථායි භූ කලාපයක්‌ නිර්මාණය වෙනවා. එහිදී විශාල ප‍්‍රදේශයක්‌ පුපුරා ඉරිතලා යනවා. ඉන්දු – ඕස්ට්‍රේලියානු භූ තලයේ මෙම ඉරිතැලීම් පටන්ගෙන ඉවරයි. ශ්‍රී ලංකාවේ කඳුකරයේ සිදුවන නායයැම්වලට මින් විශාල බලපෑමක්‌ ඇතිවිය හැකියි.’

‘නේපාලයේ සිදු වූ කම්පනය හේතුවෙන් ඉන්දියාව අභ්‍යන්තරයේ පීඩන ඇතිවෙන්න පුළුවන්. ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක්‌ ඇතිවිය හැකියි. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නායයැම් ඉහළ යා හැකියි. ශ්‍රී ලංකාවේ භූමි කම්පා වෙන්නේ නැහැ කියලා අපිට සැනසිල්ලේ ඉන්න බැහැ. මොකද අතීතයේ විශාල භූමිකම්පා අපේ රටේ ඇතිවෙලා තිබෙනවා. 1615 අප්‍රේල් 15 වැනිදා සිදුවූ දැවැන්ත භූමිකම්පාවකින් කොළඹ නගරයේ 200 ක්‌ පමණ මියගොස්‌ ගොඩනැගිලි රැසකට දැවැන්ත විනාශයක්‌ සිදුව තිබෙනවා.

මෙම වාර්තා පෘතුගාලයේ සඳහන්ව තිබෙනවා.’

‘2012 වසරේ ඉන්දු-ඔස්‌ට්‍රේලියානු භූ තලය ආශ්‍රිතව දැවැන්ත භූමිකම්පාවක්‌ සිදුවුණා. ඉදිරියේ දී මෙම භූ තල ආශ්‍රිතව දැවැන්ත භූ කම්පන සිදුවිය හැකියි. ඊට මුහුණදීමට ශ්‍රී ලංකාව දැන් සිටම සූදානම් විය යුතු යෑයි’ මහාචාර්ය සී. බී. දිසානායක මහතා පැවැසීය.

රසී වීරසිංහ
දිවයින පුවත්පත ඇසුරෙනි

Related posts

කොඳු ඇටපෙළ හොඳමට ගෙවිලා.. අළුත් සැප වාහනයක් මටත් ඕනා” – විජිතමුණි සොයිසා

colombotoday

ආණ්ඩුවට කිසිම පාඩුවක් නෑ. ඉන්දන ලීටරයකින් ආණ්ඩුව ලබන ලාභ මෙන්න.

colombotoday

CSN නාළිකාවේ සංඛ්‍යාත බැඳුම්කර හොරුන්ට !

colombotoday

පපුව රිදුනොත් පෝලිම අතහැර වහාම රෝහල් ගත වෙන්න. – සෞඛ්‍ය අංශ වලින් දැනුම්දීමක්

colombotoday

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday

රංගෙබණ්ඩාරගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – නාමල් රාජපක්ෂ

colombotoday