Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් වැනි පැල්ලමක් චන්ද්‍රිකා ඡායාරූපවල | නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වනවා ද?

මෙරට මුහුදු සීමාවේදි ගිනි ගැනීමට ලක්වු “එම්.වී එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් වැනි පැල්ලමක් දැක ගන්නට ලැබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නෞකාව ඇති මුහුදු ප්‍රදේශයේ තෙල් පැල්ලමක් බවට සැක කෙරෙන යමක් චන්ද්‍රිකා ඡායාරූපවල දර්ශනය වන බව Marine Pollution Surveillance Report නමැති වාර්තාවක් පෙන්වා දෙයි.

Satellite images show a huge oil slick flowing from part of the damaged ship. Pic: Planet Labs

සමුද්‍ර දූෂණය පිළිබඳව නිරීක්ෂණය කරන ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය, චන්ද්‍රිකා සහ තොරතුරු සේවය (NOAA/NESDIS) එම විශේලේෂණය සිදු කර ඇත.

නෞකාව වටා ඇති විශාල තෙල් පැල්ලමක් පසුගිය සඳුදා (ජූනි 7) නිකුත් කර ඇති චන්ද්‍රිකා ඡායාරූපවල සටහන් වී ඇති අතර එය තුනී තෙල් පැල්ලමක් ලෙසත් මීටර් සිය ගණනක් දුරට පැතිර ගොස් ඇති බව චන්ද්‍රිකා ඡායාරූප අනුව පෙනී යන බව ඔවුන් සඳහන් කර ඇත.

මෙම නෞකාවේ තෙල් ටොන් 350ක් පමණ අඩංගු වන බවත් තෙල් කාන්දු වීමක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ආපදා කළමනාකරණය සඳහා චන්දිකා ඡායාරූප නිකුත් කරනු ලබන International Charter Space and Major Disasters වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

May be an image of body of water and text

පරිසර අමාත්‍ය මහින්දා අමරවීර මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට මේ පිළිබඳ දැනුවත් කළ බවය.

“මීපා ආයතනයේ සභාපතිතුමිය කිව්වා එතුමියටත් එවැනි තොරතුරක් වාර්තා වෙලා තියෙනවා කියලා. ඒ වායේ සාම්පල ගන්න කණ්ඩායමක් යොමුකරලා තියෙනවා. ඒවා පරීක්ෂා කරලා අවසාන තීන්දුවක් දෙන්න වෙන්නේ. ඒ වගේම එහෙම තෙල් කාන්දුවක් වෙනවා නම් ඒක වළක්වා ගන්න එයින් වෙන හානිය අවම කරන්න ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගන්න අදාළ අංශ දැනුවත් කර ඇති බවත් සභාපතිවරිය මාව දැනුවත් කරා. දැවැන්ත වන්දියක් ගන්න අදාළ ආයතන මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඒත් පරිසර හානිය ඩොලර්වලින් පියවන්න බෑ. සියලු වැරදිකරුවන්ට වන්දිවලට එහා ගිය දඬුවමක් ලබාදිය යුතුයි.“

අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ,එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල වශයෙන් තෙල් කාන්දුවන බවට විදේශීය නාලිකාවක් විසින් නිකුත් කළ ප්‍රවෘත්ති වාර්තාව නිවරදි නැතැයි, එම නෞකාව අසල නැංගුරම්ලා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු වෙරළාරක්ෂක භටයින් තමාට තහවුරු කර ඇති බවයි.

එම පණිවුඩයේ විදෙස් නාලිකාව නිකුත් කර ඇති ඡායාරූපය නොමඟයවන සුළු විය හැකි බව දක්වා ඇති අතර, කෙසේවුවද, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට විශේෂඥයින් යොදවන බවද ඔහු දක්වා ඇත.

Related posts

“පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ” සිරගතකල බුද්ධි නිලධාරීන්ගේ මාපියන්ගේ කදුළු කතාව

colombotoday

ජාතික සභාව පිහිටුවීම ගැන යෝජනාව අද පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday

“රනිල්ගේ ප්‍රකාශ අවිචාරවත්, අගමැතිවරයෙකුට තරම් නොවේ” නිදහස මාධ්‍ය ව්‍යාපාරය

colombotoday

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

colombotoday

කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම පිරිසක් නිරෝධායනයට

colombotoday

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday