Colombo Today Local News

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරන යන බුද්ධ ප්‍රතිමා ආකෘතියක් ගිනි තැබීමේ සිද්ධියේ ඇත්ත කතාව

යුද හමුදාවේ ගැමුණු සේවා බලකායට අයත් කුරුවිට කඳවුරකදී පැරණි බුද්ධ ප්‍රතිමා ආකෘතියක් පුළුස්සා දැමීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා.

එම පුවත් සම්බන්ධයෙන් අප යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසීමක් කළා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම බුද්ධ ආකෘතිය 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාපවල ප්‍රදර්ශනය කිරීම සඳහා බට පතුරු සහ කඩදාසි පල්ප වලින් තැනූ බුදු පිළිම අනුරුවක් බවයි.

වසර ගණනාවක් ප්‍රදර්ශනය කිරීමෙන් පසු , ප්‍රදර්ශනයට නුසුදුසු තත්ත්වයට පත්වීම හේතුවෙන් බුද්ධ අනුරුව කුරුවිට ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා ලබා ගෙන නිසි ආගමික වත්පිළිවෙත් සිදු කර ඉන් අනතුරුව එම අනුරුව ඉවත් කළ බවයි ඒ මහතා සඳහන් කළේ.

Related posts

ජනපති අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

මහබැංකුව තිබුණේ මා යටතේ නොවෙයි.. බැදුම්කරයට මා චූදිතයෙකු කරේ කොහොමද ? – රවී

colombotoday

එක්නැලිගොඩ නඩුවට සහය නොදෙනවානම් යුද හමුදාපතිටත් නඩු!

colombotoday

මිළදී ගත්, ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

මහින්ද කහඳගම CID යට භාර වෙයි

colombotoday

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය – ඒකාබද්ධය නිතරග ගිවිසුමක්.. දෙපාර්ශවයම පුටුවෙන් එයි ??

colombotoday