Colombo Today Local News

නැගෙනහිර පළාතේන් පැය 24 ට කොව්ඩ් ආසාදිතයන් 42ක් සොයා ගනී

නැගෙනහිර පළාතේ අද (21) දිනයෙන් අවසන් වු පැය 24ක කාලය තුලදි කොවිඩ් 19 ආසාදිතයන් 42ක් සොයා ගැනිමට හැකි වු බව පලාත්සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අලගයියා ලදාහරන් මහතා පැවසීය.

නැගෙනහිර පලාතේ කොවිඩ් 19 ආසාදිතයන් සම්බන්ධයෙන් අද( 21)දින ත්‍රිකුණාමලයේ පිහිටි පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ශ්‍රවනාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදි පලාත් අධ්‍යක්ෂවරයා මේ බැව් අවධාරණය කලේය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු පලාත් සෞඛ්‍යා සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අලගයියා ලදාහරන් මහතා ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ ලෙස ගත් කල්හි කොවිඩ් 19 ආසාදිතයන් ලෙස ත්‍රිකුණාමලයෙන් 15ක්, කින්නියාවෙන් හයක්, කල්මුණේ දකුණ අටක්, සයින්දමරුදු නවයක්, අඩ්ඩාලච්චේන එකක්,සමන්තුරේ දෙකක් හා කිරාන් ප්‍රදේශයේ එකක් ලෙස ගත වු පැය 24 තුල සොයා ගන්නා ලදි.ත්‍රිකුණාමලයේ ආසාදිතයන් 15 අතරින් සිවු දෙනෙකු, කින්නියා ආසාදිතයන් හයදෙනා අතරින් දෙදෙනෙකු පාසල් සිසුන් වේ.

මේ නිසා මෙම සිසුන්ගේ පාසල් වල අනෙක් සිසුන්ගේ ද රැපිට් ඇන්ටිජෙන් පරික්ෂාව කරන්න බලාපොරොත්තු වෙනවා යැයි සෞඛ්‍ය බලධාරින් පැවසීය.

මෙම හමුවට ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩි.ජි.එම්. කොස්තා, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වි.ප්‍රේම් ආනන්ද්, වසංගත රෝග වෛද්‍ය තංගදොරෙයි නිලෝජන් යන මහත්වරුද එක්වුහ.

Related posts

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday

දැන් කාලේ හරි විශ්‍රාම සුවයෙන් නිවසේ සිටින්න

colombotoday

සහරාන්ගේ ගෝලයෙකු ජීවිතක්ෂයට

colombotoday

පොලිස් ඇමතිගෙන් CIDයට නියෝගයක්

Admin

“එකම ලේ” නමින් එන “විසකුරු ලේ” !

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයේ” 6ක් ආණ්ඩුවට.. ඇමති ධුරත් සූදානම්!

colombotoday