Colombo Today Local News

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය – ඒකාබද්ධය නිතරග ගිවිසුමක්.. දෙපාර්ශවයම පුටුවෙන් එයි ??

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව නිතරග ගිවිසුමක් මගින් තරග කිරීමට යෝජනා වී ඇතැයි පැවසේ.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා දෙපාර්ශවයෙන් කණ්ඩායම් දෙකක් පත්කිරීමට නියමිතව ඇති අතර, ශ්‍රීලනිපයෙන් ජෝන් සෙනවිරත්න, ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් හා ඒකාබද්ධ විපක්ෂයෙන් මහින්දානන්ද අළුත්ගමගේ, ගාමිණි ලොකුගේ, සී.බී. රත්නායක යන මහත්වරුන්ද සහභාවී වීමට නියමිත බව පැවසේ.

“දෙගොල්ල දෙපැත්තට වෙලා හිටියොත් අවාසියක් වෙන්නෙ. මේකෙන් වෙන්නෙ නිහසක් පක්ෂ පාක්ෂිකයන් ඡන්ද මධ්‍යස්ථානයට නොයන එකයි වෙන්නෙ. නිතරග ගිවිසුම ගැන මම ජනාධිපතිතුමා එක්කත් කතා කළා. මේකට ගමේ පාක්ෂිකයන්ගේ ලොකු පිබිදීමක් තියෙනවා. ගිය වර මහා ඡන්දයේ සිදුවීම ගැන බය තමයි තියෙන්නෙ. මෙවර එහෙම නොවෙන්න ගිවිසුමක් අත්සන් කරලා ඡන්දෙට ගියානම් ඉවරයි” යැයි ඒ පිළිබදව අදහස් දක්වමින් බස්නාහිර මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඒ අනුව ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය පොදු ලකුණක් යටතේ තරග කිරිමට ඉඩ ඇති අතර, ඒ සදහා පොදුජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණ යොදා ගනු ඇතැයිද පැවසේ.

Related posts

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

බුලත් කොලයට පමණක් ඡන්දය දෙන්නැයි ජනපති ඉල්ලයි (Video)

colombotoday

පාලමක් දෙකට කැඩී ටිපර් රථය ඇළට වැටෙයි

Admin

ගංවතුර අස්සේ ETCA අත්සන් කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday

කැලණි සරසවි සිසුන්ගේ, ශිෂ්‍ය මර්ධනයට එරෙහි විරෝධයකට ජල ප්‍රහාරයක්

Admin

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday