World

ඊශ්‍රායලය හමාස් හමුදා නායකයා ගුවන් ප්‍රහාරයකින් බිල්ලට ගනී

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර, අඛණ්ඩව 10 වන දිනටත් දරුණු ගැටුම් ඇතිව තිබේ.

ඊශ්‍රායල් ගුවන් හමුදා විසින් ගාසා තීරයේ හමාස් සංවිධානයට අයත් රොකට් දියත් කිරීමේ මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර හමාස් හමුදා නායක මොහොමඩ් ඩීෆ් ඉලක්ක කර මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නට තමන්ට හැකිවූ බවත් ඔහු මියගිය බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.

ඊයේ දිනත් ඊශ්‍රායල් ප්‍රහාරවලින් ගාසා තීරයේ පිහිටි මහල් ගොඩනැඟිලි කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.

මෙම ගැටුම් සමතයකට පත්කර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ප්‍රංශය, ඊජිප්තුව සහ ජෝර්දානය ඇතුළු රටවල් කිහිපයක් දැනුම් දී තිබුණද සිය ඉලක්කය වන හමාස් සංවිධානය යටත්වන තුරු අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.

Related posts

ඉන්දියානු සාගරයේ භූකම්පනයක්

Admin

ට්‍රක් රථයක් බසයේ ගැටී පාසල් සිසුන් පිරිසක් රෝහලට

Admin

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා වසරක්

colombotoday

හමාස්ට එරෙහි මෙහෙයුම පූර්ණ ශක්තිය යොදා අඛණ්ඩව ගෙන යනවා | ඊශ්‍රායල අගමැති ජනතාවට කියයි.

colombotoday

උතුරු කොරියාව අධි බලැති මිසයිල 17ක් එකවර අත්හදා බලයි

Admin

රුසියාවේ ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 ක් ජිවිතයෙන් වන්දි ගෙවයි

colombotoday