World

දලදඬු ෂරියා නීතිය ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කරයි

ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා, ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයෝ තීරණය කළහ.

කාන්තා විශ්ව විද්‍යාල වසා දමන බවත්, කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් බවත් නිවේදනය කළේ ඇෆ්ගන් තලේබාන් රජයේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාය.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව ගියේ පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේය. ඒ සමඟම තලේබාන්වරුන් රටේ බලය යළි අල්ලා ගනිමින් රජයක් පිහිටුවීය.

මේ වනවිට තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික වූ දලදඬු ෂරියා නීතිය සම්පූර්ණයෙන් ම ක්‍රියාවට නංවා ඇත. තලේබාන්වරුන්ගේ නීති අනුව එරට ද්විතීක බාලිකා අධ්‍යාපනය පවා තහනම්ය.

Related posts

අයි.එස්. ත්‍රස්ත නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මරු දකී..

Admin

ලොව ධනවත්ම යාචකයා

Admin

ඉන්දියාවෙන් පකිස්ථානයේ ප්‍රදේශයකට කිලෝ 1000 බරැති බෝම්බ හෙලයි !

colombotoday

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin

නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදකී…

Admin

කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි

colombotoday