Colombo Today Local News

ලංකාවට යුද අධිකරණ ඉල්ලන කැනඩාව කොටි අවි ප්‍රවාහන ජාලයේ ප්‍රධානියාට දේශපාලන රැකවරණ දෙයි!

රවි ශංකර් නොහොත් සංකිලි නමැත්තා ප්‍රභාකරන් සහ මුහුදු කොටි නායක සුසෙයි සමග

කැනඩාව වසරකට කොටි සංවිධානයට ඩොලර් මිලියන 12 ක මුදලක්‌ සපයනු ලැබුවා – කැනඩා බුද්ධි අංශ රහස්‌ වාර්තාව

කැනඩාවේ විදේශ ඇමැතිනී ස්‌ටෙප්නි ඩියොන් මේ මස තුළ ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඇය මෙරරට පැමිණීමට පෙර කැනඩා අගමැති ස්‌ටීවන් ටෘඩෝ පැවසුවේ ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුත් හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක්‌ අවශ්‍ය බවයි.

කැනඩා අගමැතිවරයා නැගූ හෙ පිටුපස සිටියේ කැනඩා ද්‍රවිඩ කොංග්‍රසයේ නීති උපදේශක ගැරී ආනන්ද සංගරීයි. ඔහු දැන් කැනඩාවේ මන්ත්‍රීවරයෙකි.

මේ පසුබිම මැද කැනඩාව මෙරට සිවිල් ජනතාව විනාශ කිරීමට පුපුරණ ද්‍රව්‍ය සහ වෙනත් බිහිසුණු උපකරණ ප්‍රවාහනය කළ කොටි ආයුධ ජාලයේ සහ නෞකා ජාලයේ ප්‍රධානියකුව සිටි රවි ශංකර් ත්‍යාගරාජා හෙවත් සංකිලි නැමැති ත්‍රස්‌තයාට දේශපාලන රැකවරණ දී ඇත.

වැල්වැටිතුරේ පදිංචිකරුවකුවූ සංකිලි අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරදකරුවූයේ වව්නියා මහාධිකරණයේ පැවැති නඩු විභාගයේදීය.

වව්නියා මහාධිකරණය 2014 ජුනි 24 දා ඔහුට තිස්‌ වසරක සිරදඬුවමක්‌ නියම කළේය.ඒ වනවිට සංකිලි මෙරටින් පැනගොස්‌ තිබුණි. සංකිලි අල්ලාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ඉන්ටර්පෝල් පොලිසියේ සහය පැතීය. මේ නිසා ඔහුව අවශ්‍ය කරන අපරාධකරුවකු යයි හඳුන්වමින් රතු වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත් කිරීමට ක්‍රියාකරනු ලැබීය. මේවනවිට වාර්තාවූයේ කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියකුවූ අයියර් යටතේ සේවය කළ සංකිලි කැනඩාවේ සිටින බවයි. එහෙත් කැනඩා රජය සංකිලිව ශ්‍රී ලංකාවට බාරදුන්නේ නැත. සංකිලි කැනඩාවේ සිටින බව වාර්තාවන අවස්‌ථාවේ කැනඩා රජය ඔහුට දේශපාලන රැකවරණදී තිබුණි.

සංකිලි යනු යුද අපරාධකරුවෙකි. එවන් යුද අපරාධකරුවකුට දේශපාලන රැකවරණ ලබාදීමට කැනඩාව ක්‍රියාකළේ බලගතු කොටි ජලායක්‌ කැනඩාවේ ක්‍රියාත්මක වීම නිසාය.

ඒ බව සනාථ වූයේ කොටි පරාජය වීමට මාස පහකට පෙර කැනඩා බුද්ධි අංශ දියත් කළ ඔපරේෂන් ක්‍රීබල් මෙහෙයුම යටතේ විමර්ශන නිලධාරි ස්‌ටීවන් ඩුබ්රෙවිල් කැනඩාවේ ක්‍රියාත්මකවූ ලෝක ද්‍රවිඩ සංවිධාන මූලස්‌ථානය වටලා එම සංවිධානය ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්‌තවාදයට අරමුදල් සපයන බව සොයා ගැනීමයි.

ඔපරේෂන් ක්‍රීබල් මෙහෙයුම තුලින් සොයාගත් තොරතුරු පිටු 168 ක විමර්ශන වාර්තාවෙන් හෙළිවිය.

එම රහස්‌ තොරතුරු මෙසේයි

1. ගුවන් යානා සහ අවි ආයුධ මෙන්ම වෙනත් යුද උපාංග මිලයට ගැනීම සඳහා ප්‍රභාකරන් එවූ ලිපි

2. මැලේසියාව, සිංගප්පූරුව හරහා කොටින්ට අරමුදල් සැපයීමේ ක්‍රියාමාර්ග

3. රටවල් 11 සිටින කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානින්ගේ ලැයිස්‌තුව

4. ශ්‍රී ලංකාවට භාණ්‌ඩ සැපයූ කොටි හිතවාදී සමාගම අම්බාල් ටේ්‍රඩින්, පාර්ලිමේන්තුවීදිය, ටොරොන්ටෝ

මෙරටට සැමන් ටින් සැපයීමට ක්‍රියාකළේද මෙම ආයතනය බව වාර්තාවිණි.)

5. 2004 ජුලි මස 20 දා වන්නියට කැඳවනු ලැබූ කොටි ජාත්‍යන්තර ජාලයේ පිරිස මෝටාර් වෙඩි ලබාදීමට එකඟවීම.

6. ආම්ස්‌ කොස්‌ට්‌ නැමැති රහසිගත වීඩියෝ තැටියක්‌ හමුවීම

7. මෙම වීඩියෝ තැටියෙන් හෙළිවූයේ ගුවන් හමුදාව සතු එම් අයි 24 සහ කපීර් ප්‍රහාරක යානා විනාශ කිරීම සඳහා ගුවන් යානා නාශක අවි සහ කාලතුවක්‌කු ලබාදෙන ලෙස ප්‍රභාකරන් විසින් ඉල්ලා සිටීම.

8. කැනඩාවේ නෝවා ස්‌කෝෂියා සහ කැනඩා ට්‍රස්‌ට්‌ සහ රෝයල් බැන්ක්‌ නැමැති බැංකු හරහා සිංගප්පූරුවේ ආර්මාන්ස්‌ මුදල් හුවමාරුව වෙත අරමුදල් යෑවීම.

මෙම මුදල් හුවමාරු සඳහා භාවිතා වූ රහස්‌ වචන සොයාගැනීමට කැනඩාවේ සිටි මිස්‌ටර් බී සහ මිස්‌ටර් එa යන නම්වලින් හැඳින්වූ ද්‍රවිඩ චරපුරුෂයන් දෙදෙනකුද සහයවූ බව කැනඩා බුද්ධි අංශය තවදුරටත් අනාවරණය කර ඇත.

මෙහිදී තවදුරටත් හෙළිවූයේ ලෝක ද්‍රවිඩ සංවිධානය විසින් ඩොලර් මිලියන 3 ක්‌ හෙවත් රුපියල් මිලියන 300 ක්‌ සිංගප්පූරුවේ මුදල් හුවමාරුවට එවා තිබූ බවයි.

ඔපරේෂන් ක්‍රීබල් මෙහෙයුමින් වැඩිදුරටත් අනාවරණය වූයේ කැනඩාවේ ද්‍රවිඩයන්ගෙන් ලබාගත් කප්පම් වලින් වසරකට ඩොලර් 763000 ක මුදලක්‌ එරට බැංකුවල තැන්පත්වී තිබූ බවයි.

මෙලෙස කැනඩාවේ ද්‍රවිඩයන් කොටි සංවිධානයේ පැවැත්ම උදෙසා අති විශාල මුදල් සම්භාරයක්‌ සපයන බව එරට බුද්ධි අංශ විසින් සොයාගැනීමත් සමඟ බන්ටාරියෝ නගරයේ පෙඩ්රල් විනිසුරු ලෙමියුක්‌ස්‌ ලෝක ද්‍රවිඩ සංවිධානයේ වත්කම් තහනම් කරන ලෙස නියෝග කළේය.

ක්‍රීබල් මෙහෙයුම තුළින් මෙරට බුද්ධි අංශවලට සොයාගැනීමට නොහැකිවූ ජාත්‍යන්තර කොටි ඒජන්ත කණ්‌ඩායමද හෙළිවිය.

එම කණ්‌ඩායමේ ප්‍රධානියකු වන්නේ සෑම වසරකම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව රංගනයක යෙදෙන වී. කිරුබාහරන් නැමැත්තායි.

මේ පසුබිම මැද වව්නියා අධිකරණය වසර 30 කට සිරදඬුවමකට නියම කළ සංකිලි නැමැති කොටි ත්‍රස්‌තයා ප්‍රභාකරන් සහ මුහුදු කොටි නායක සූසෙයි සමඟ සිටින ඡායාරූපයක්‌ වන්නියේ කොටි බංකරයක තිබී පොලිසිය සොයාගනු ලැබීය. ෂෝවා මාරු නැමැති කොටි නැවේ කපිතන්වරයා ලෙස කටයුතු කළ සංකිලි හෙවත් රවි ශංකර් යටතේ ක්‍රියාත්මකවූ කෝයි තොයිටර් තියෝජි, මනිඕෂි, කොෂියා සිෂින්, මට්‌ටුෂිමා යන කොටි නැව් නාවික හමුදාව විසින් විනාශ කර ඇත.

එහෙත් සංකිලිගේ මෙහෙයවීම මත කොටි ක්‍රියාකාරින් රැසක්‌ සමඟ ද්‍රවිඩයන් රැගත් ප්‍රින්සස්‌ ඊශ්වරී නැමැති කොටි නැවක්‌ කැනඩාවට යෑවීමටද ක්‍රියාත්මක විය. මෙම කොටි නැවේ කපිතන් ලෙස ක්‍රියාකළේ සංතිලිගේ දෙවැනියාවූ කමල්රාඡ් කන්දසාමි නමැත්තායි.

එම නැව 2009 ඔක්‌තෝබර් මස කැනඩාවට අවතීර්ණවීමට පෙර ඕෂන්ලේඩි යනුවෙන් නම මාරුකර ඇත.

කමල් රාඡ් කන්දසාමීට හා ඕෂන්ලේඩි නැවේ සිටි කොටි රැසකට කැනඩා රජය දේශපාලන රැකවරණදී ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාවය අදවනතුරු ශ්‍රී ලංකා රජයට හෙළිකර නැත.

මේ අතර 2008 සැප්තැම්බර් 5 දා කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් ටෝනි රාඡ් පියනමගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ ජී. පී. එස්‌. උපාංග 40 ක්‌ මෝටරෝලා පණිවුඩ හුවමාරු යන්ත්‍ර 30 ක්‌ සහ ඇන්ටෙනා 30 ක්‌ තමාට සිංගප්පූරුවේදී ලබාදුන්නේ මානික්‌කවාසගම් කාර්තිපන් නැමැත්තා බවයි.

මේ කාර්තිපන් නැමැත්තා සංකිලිගේ සමීපතම සගයෙකි. එහෙත් කාර්තිපන් අසුවූයේ නැත. ඔහු යළිත් දැකගැනීමට හැකිවූයේ ඕෂන් ලේඩි නැවේ ද්‍රවිඩයන් අතර වෙස්‌ වලාගෙන සිටියදීය.

ඒ වනවිට අන්තර්ජාතික පොලිසිය ඔහුව අල්ලාගැනීම සඳහා රතු වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත්කර තිබුණි.

මෙම රතු වරෙන්තුව ප්‍රකාශයට පත්වූයේ කාර්තිපන් අත්අඩංගුවට ගන්නා ලෙස 2008 සැප්තැම්බර් 19 දා මීගමුව අධිකරණය වරෙන්තුවක්‌ නිකුත් කර තිබීමයි.

මේ අතර කැනඩාවට පැමිණි දෙවැනි කොටි නැව වූ සන්ෂි නැවේ සිටි ද්‍රවිඩයන්ගෙන් 11 ක්‌ ප්‍රධාන පෙළේ කොටි ක්‍රියාකාරීන් යෑයි අනාවරණය විය. කැනඩා බුද්ධි සේවාව තවදුරටත් සිදුකළ විමර්ශනයේදී හෙළිවූයේ ඉන් දෙදෙනෙක්‌ යුද අපරාධ සිදුකර ඇති බවයි.

එහෙත් මේ කොටි යුද අපරාධකරුවන් ශ්‍රී ලංකාවට බාරදීමට කැනඩා රජය ක්‍රියාකළේ නැත.

මෙම තත්ත්වය මත කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ ප්‍රකාශක ඩේවිඩ් පූපාලපිල්ලේ නැමැත්තා ප්‍රමුඛ කොටි හිතවාදීන් පිරිසක්‌ කැනඩාවට පැමිණි කොටින්ව බේරාගැනීමට දැඩි උත්සාහයක යෙදුනි එහිදී ඔහුට සහායවූයේ කැනඩා ද්‍රවිඩ කොංග්‍රසයේ නීතිඋපදේශක ගැරී ආනන්ද සංගරීය.

මෙලෙස කොටි ත්‍රස්‌තයන් රැසකට දේශපාලන රැකවරණදීමට ක්‍රියාකළ කැනඩාවේ නව අගමැතිවරයාවූ ඡේසන් ටෘඩෝ පසුගිය මැයි 18 දා නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කෙළේය.

එහි මෙලෙස සඳහන් විය.

යුද්ධයෙන් විපතට පත්වූවන් රැසක්‌ ගතවූ මාස හත තුළදී මට හමුවිය. ඔවුන් මුහුණ පෑ අභාග්‍ය සම්පන්න තත්ත්වය මාහට පවසනු ලැබීය. කැනේඩියානු ද්‍රවිඩයන් යනු අප රටේ කොටසකි. යුද්ධයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විදේශ සහ පොදු රාජ්‍ය මණ්‌ඩල විමර්ශකයන්, නඩු අධ්‍යක්‍ෂකවරුන් සහ විනිසුරුවන්ගෙන් යුක්‌ත යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමට ක්‍රියාකළ යුතු යෑයි මා කියා සිටින්නෙමි. මේ වගකීම ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහයවීමට අපි ක්‍රියාකරන්නෙමු.

කැනඩාවේදී හමුවූ බව කියන මේ විපතට පත්වූවන් කවුරුන්දැයි කැනඩා අගමැතිවරයා පැවසුවේ නැත. එසේම ඔහුගේ රටේ සිටි කොටි හිතවාදීන් වසරක්‌ පාසා කොටි සංවිධානයට සැපයූ ඩොලර් මිලියන 12 න් ලබාගත් අවි සහ පුපුරණ ද්‍රව්‍ය වලින් ශ්‍රී ලංකාවේ ජනතාව විපතට පත්වීම ගැන ඔහු කනගාටුව ප්‍රකාශ කිරීමට පවා ක්‍රියාකළේ නැත.

එසේම වන්නි මෙහෙයුමේදී කැනඩාවේ පදිංචි ජෝර්ඡ් ජුලියන් නැමැත්තා ඇතුළු කැනඩා කොටි සිව්දෙනෙක්‌ද ආරක්‍ෂක අංශවලට අසුවිය. ජුලියන් නැමැත්තා තමාට කොටි සංවිධානය බලහත්කාරයෙන් බඳවාගත් බව ප්‍රකාශ කර තිබුණි.

එහෙත් නඩු අසා සිරයට යෑවිය යුතු මෙම කැනඩා කොටි සිව්දෙනා බේරාගැනීමට කොළඹ කැනඩා මහ කොමසාරිස්‌ කාර්යාලය ක්‍රියාකළේය. විදේශ රටකට ගොස්‌ ත්‍රස්‌ත සංවිධානයක්‌ වෙනුවෙන් සටන්වැදීම ගැන මොවුන්ට එරෙහිව නඩු පැවරීමට කැනඩා රජය ක්‍රියාකළ යුතුව තිබුණත් එවන් පියවරක්‌ ගැනුනේ නැත.

මෙය පුදුමයක්‌ නොවේ. නාවික හමුදාවේ ද්‍රවිඩ නිලධාරියෙක්‌ විශ්‍රාම යැමෙන් පසු සාවද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සිය පවුලේ අය සමඟ කැනඩාවට ගොස්‌ දේශපාලන රැකවරණ පතා ඇති අතර ඔහු බොරුකාරයකු බව කැනඩා සංක්‍රමණික මණ්‌ඩලය විසින් සොයාගෙන තිබුණි.

එහෙත් මෙතෙක්‌ එම හිටපු නාවික නිලධාරියා සහ පවුලේ අයව කැනඩාවෙන් පිටුවහල් කර නැත.

මෙම පසුබිම මැද කැනඩා විදේශ ඇමැතිනී ස්‌ටෙප්නිඩියොන් මෙරටට පැමිණෙන්නේ කුමකටද යන්න බරපතල ප්‍රශ්නයකි.

ස්‌ටීවන් ඩුබ්රෙයිල් නැමැති කැනඩා බුද්ධි නිලධාරියා සෝදිසි වරෙන්තු 15 ක්‌ ලබාගෙන සිදුකළ විමර්ශනයෙන් කැනඩාවේ සිට වසර ගණනක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය සඳහා අරමුදල් සැපයුන අයුරු සනාථ විය.

එහෙත් කැනඩා රජය ඒ ගැන ශ්‍රී ලංකා ජනතාවගෙන් සමාව යෑදීමක්‌ කළේ නැත.

කැනඩාවේ මන්ටාරියෝ පෙඩරල් අධිකරණයේ විනිසුරු ලෙවියුන්ස්‌ ලෝක ද්‍රවිඩ සංවිධානයේ සියලුම වත්කම් තහනම් කරද්දී එම සංවිධානය වෙනුවෙන් පෙනීසිටි නීතිsවේදී ස්‌ටීවන් සිමෝසි ඊට එරෙහි නොවූයේ චූදිතයන් බේරාගැනීම සඳහායි.

කොටි සංවිධානයට අරමුදල් සැපයූ ලෝක ද්‍රවිඩ සංවිධානයේ වත්කම් තහනම් කළ අධිකරණය අම්බාල් ටේ්‍රඩින් සමාගමේ කොටස්‌කරුවන්වූ කන්දයියා ඊලමුරුගන්, පද්මනාදන් මහෙන්ද්‍රන්, ක්‌විබෙක්‌ ශාඛාවේ සභාපතිනිය කදිරවේළුපිල්ලේ සිතම්පරම්, කනගේස්‌වරන් චන්ද්‍රසේකරම්, සිවනාදම් සිවරාමම් ඇතුළු කොටි හිතවාදීන් කණ්‌ඩායමට එරෙහිව කිසිදු පියවරක්‌ ගැනීමට ක්‍රියාකළේ නැත.

එසේම කැනඩාවේ ලෝක ද්‍රවිඩ සංවිධානය සමඟ එක්‌වී ක්‍රියාකළ අම්බාල් ටේ්‍රඩින් සමාගමේ ශ්‍රී ලංකාවේ පාර්ශ්වකරුවන් ගැන පසුගිය රජයද විමර්ශනයට ලක්‌කළේ නැත.

මෙම පසුබිම මැද වත්මන් කැනඩා රජයේ බලධාරීන්ද එරට කොටි හිතවාදීන්ගේ ග්‍රහණයට ගොදුරුවී ඇත. කැනඩාවේ මන්ත්‍රීවරියක්‌වූ සීතා සබෙසියන් නැමැත්තිය ගතවූ කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළා.

මේ හැර කැනඩාවේ ස්‌ටුවට්‌ බෙල් නැමැති මාධ්‍යවේදියා කැනඩාව තුළ කොටි අරමුදල් එකතුකළ අයුරු සාක්‍ෂි සහිතව අනාවරණය කරනු ලැබීය. එහෙත් කැනඩා රජය නිහඬ විය.

මේ අතර කොටි හිතවාදීන්ට සම්බන්ධ ද්‍රවිඩ ඊලම් සමාජීය හෙවත් ටෙස්‌කෝ නමින් හඳුන්වනු ලැබූ සංවිධානයට අරමුදල් සපයා ඇත්තේ කැනඩා රජය බව හෙලිවිය. එසේම ඔන්ටාරියෝ ප්‍රාන්ත රජයද එම කොටි හිතවාදී සංවිධානයට අරමුදල් සපයා තිබුණි.

මෙම ටෙස්‌කෝ සංවිධානයේ එක්‌ අධ්‍යක්‍ෂකවරයකුවූ දේවකුමාර් සභාපති නැමැත්තා ස්‌ටෝට්‌ප්‍රන්ට්‌ නමින් හඳුන්වන වෙබ් අඩවිය වෙත දන්වා තිබුණේ හිටපු ජනාධිපති හා ඔහුගේ සොහොයුරන් ඝාතනය කිරීමේ දිනය පැමිණෙන බවයි. දේවකුමාර් නමැත්තා නෝර්වේහි නෙදියවන් ත්‍රස්‌ත කණ්‌ඩායමේ කැනඩා ශාඛාවේ ප්‍රධානියායි.

එහෙත් මේ ඝාතන උත්සාහය ගැන කැනඩා රජය පරීක්‍ෂණ අරඹා නොතිබුණි.

මෙම තෙදියවන් කණ්‌ඩායම කැනඩාව තුළ කැනඩා ද්‍රවිඩ ජාතික කවුන්සිලය නමැති සංවිධානයද පිහිටුවාගෙන තිබුණි.

එහි වත්මන් සභාපති රංජන් ශ්‍රී රංජන්ට එරෙහිව මෙම තොරතුරු කැනඩා අධිකරණය හමුවට ගොනු කර තිබුණේ රාජන් මහවලිරාජන් නැමැත්තායි.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

Admin

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් නිවේදනයක්

Admin

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday

තර්ජනයක් විය හැකි විශාල ගස් ඉවත් කරන්න පියවර

Admin

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා ඇරඹී ඇත්තේ මීට සති දෙකකට කලින් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday