Colombo Today Local News

තර්ජනයක් විය හැකි විශාල ගස් ඉවත් කරන්න පියවර

    පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස මහජනයාට තර්ජනයක් විය හැකි විශාල ගස් සම්බන්ධයෙන් කඩිනම් අවදානය යොමුකර ඒවා කපා ඉවත් කරන ලෙසට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා ජාතික ගොඩනැගි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට අද (6)දින උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    අද පෙරවරුවේ කොල්ලුපිටියේ දී මාර්ගය අයිනේ තිබු විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටී පුද්ගලයන් 5 දෙනෙකු මිය යාමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින් මේ බව දැනුම් දී ඇත.

    පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ, සහ අදාල පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමග සම්බන්ධිකරණය වී තර්ජනයක් වන සෑම දෙයක්ම ඉවත් කරන ලෙසට උපදෙස් ලබා දුන් බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    Related posts

    අකුණුසැර වැදී ගොවීන් තිදෙනෙක් මිය යයි

    colombotoday

    වී කන්න ආ වන අලියා පෙරැලු බිත්තියට යට වී තරුණයෙක් මරුට

    Admin

    “පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 ය වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ භාරයට ගන්න.”

    colombotoday

    ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා නැගීම පසුපස ශ්‍රී ලාංකිකයෝ 4 ක්‌

    colombotoday

    ලක් රජයට බදුත් නොගෙවා ෆේස්බුක් සමාගම ලංකාවෙන් උපයාගන්නා ආදායම මෙන්න

    colombotoday

    අලි එලවන දවස මහින්ද ගල්ගමුවේදී කියයි

    colombotoday